අනුන්ගේ දේපල බේරා දිමට වලිකන මිගමු කොමසාරිස්වරිය ?

0
170
පිළිසකර කරමින් පවතින මිරිස් මෝල
කඩා දැමුණ මිරිස් මෝල

මීගමු දේශපාලන සමාජය තුලද දැඩි කතා බහකට ලක්ව තිබුණ කාමච්චෝඩේ මිරිස් මෝලක් පවත්වාගෙන ගිය කඩයක් පසුගිය අගෝස්තු ( 06) අලුයම 3 ට පමණ මිගමුව මහනගර සභාවේ නිළධාරින් මෙන්ම නිළධාරිනියන්ද කම්කරුවන්ද සමගින් පැමිණ කඩ දමා තිබුණි.එසේ කඩා දමා ඇත්තේ මිගමුවේ පළාත් පාලන ආයතනයේ බලය ලබාගැනිම සදහා පොහොට්ටු සන්ධානයෙන් තරග කළ ශ්‍රිලනිප අපේක්ෂකයෙකුගේ විමද තවත් විශේෂත්වයකි.


මිරිස් මෝල කරගෙන ගිය බදු කරු වසර 46 ක් තිස්සේ වැල්ලවිදිය පාරේ කාමච්චෝඩේ ප්‍රදේශයේ මේ කඩය පවත්වාගෙන ගොස් තිබුණි.
මෙහිදි මේ කඩයේ හිමිකරු සහ බදුකරු අතර ඇතිවු යම් ආරවුල් තත්වයක් තුලදි කඩේ හිමිකරුට මෙම බදුකරුව මෙම ස්ථානයෙන් ඉවත් කරගැනිමට අවැසිව තිබුන අතර එ කොන්ත්‍රාත්තුවට අත ගසා ඇතැයි මේ බදුකරු‌ගේ පාර්ශවය විසින් චෝදනා කර සිටින්නේ නගරාධිපති ගේ සුව සෙත සදහා කැපවි සිටි එජාප නාගරික මන්ත්‍රි බඩියක් ගැනය.

තතු ඒසේව තිබියදි මිරිස් මෝල පවත්වාගෙන ගිය අය විසින් තමන්ට සාධාරණත්වය පතා අධිකරණයටද ගොස් තිබුණි. ඒහිදි යම් සහනයක්ද ඔහු වෙත ලැබි තිබුණි.
මේ අතර කඩා දමා තිබුණ කඩය මේ වන විට යම්තරමකින් පිළිසකර කරමින් තිබේ.
ඒහෙත් වරින් වර ඒහි පැමිණෙන මිගමු පොලිසියේ නිළධාරින් මෙම පිළිසකර කිරිම් නවතා දමන ලෙස කියා ඇතැයි මිරිස් මෝල පවත්වාගෙන ගිය අය විසින් පවසා සිටිති.
සැබැවින්ම දැන් ගැටළුව ඇත්තේ මිරිස් මෝල පවත්වාගෙන පොහොට්ටුවෙන් පසුගිය පළාත් පාලන ඡන්දයට තරග කළ පොහොට්ටු ලයිස්තුවෙන් තරග කළ අයෙකු හා කඩ හිමියා අතරය.
ඔහු පැත්තකට වි සිටියදි මේ කඩයේ පිළිසකර කිරිම් පවා නවතා දමන්නට වලිකමින් සිටින්නේ මිගමුව මහනගර සභාවේ තුන්වෙනි පංතියේ කොමසාරිස්වරිය විසින් බව සැලය.
ඇය ඊයේ දිනයේද මෙම පිළිසකර කරමින් ඇති කඩය අසලට පැමිණ තිබේ.
දැන් මතුවෙන පැහැදිලි ගැටළුව වන්නේ සැබැවින්ම පුද්ගලික අයෙකුට අයත් දේපලක ප්‍රශ්ණයකට මිගමුව මහනගර සභාව මේ දගලන්නේ ඇයිදැයි කියාය.
ඇත්ත කථාව නම් මේ කඩ හිමියාට මිරිස් මෝල ඉවත් කර කඩය ලබාදිමට අනිවාර්යෙන්ම කව්රුන් හෝ ඩීල් එකක් දමා තිබෙනවාට සැක නැත.
දැනට කසු කුස පවතින්නේ මේ ඩිල් ඒක පිටුපස ලංසා පවුලට සමිප එජාප බඩි මන්ත්‍රිලා පිරිසක් සිටින බවය.
දැන් මතුව ඇති ඊලග ගැටළුව වන්නේ මහාධිකරණය විසින් ලබා දි ඇති අධිකරණයමය තින්දුවක් පවා තිබියදි මිගමු පොලිසිය මේතරම් කරදර කරන්නේ සැබැවින්ම කාගේ උවමනාවටද යන කරුණයි.
නිතිය හා සාමය ක්‍රමවත් භාවය අපක්ෂපාතිව ක්‍රියාත්මක කළ යුතුව තිබියදි මිගමු පොලිසියේ මේ මැදිහත්විම් කාට හෝ පක්ෂපාතිවිමක්ද යන්න ගැනද විවිධ කටකතා මිගමුව පුරාම මේ වන විටත් පැතිර යමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here