මීගමුව ශා.ජෝශප් රෝහල තුළ පැය 24 පුරාම ක්‍රියාත්මක වන ෆාමසියක් පිහිටුවා ඇති අතර එම ෆාමසිය සතුව ඖෂධ නියාමන අධිකාරියේ අවසරය හිමි, නියමිත ප්‍රමිතියෙන් යුතු හා නියමිත ප්‍රමිතීන්ට අනුව ගබඩා කර ඇති ඖෂධ පමණක් ඇති බැවින් ඖෂධ වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ඔබට දෙගිඩියාවක් තබාගත යුතු නැත.
ශා.ජෝශප් රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට රෝහලට පැමිණෙන රෝගීන්ට ඔවුන්ගේ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ඖෂධයම එම රෝහලේම ෆාමසියෙන් ලබාගැනීමේ හැකියාව රෝගීන්ට හිමිවන අතර රෝහල වෙත පැමිණෙන සියලුම රෝගීන්ට තමන්ගේ රෝගී තත්වය ඉක්මනින් සුව කරගැනීම සදහා එය මහඟු පිටිවහලකි.
එමෙන්ම නිවැරදි ක්‍රමවේදයන් අනුගමනය කරමින්, ප්‍රමිතිගත ඖෂධ පමණක් භාවිතා කිරීම හේතුවෙන් එම ඖෂධ භාවිත කිරීමේදී ඇතිවිය හැකි අතුරු ආබාධ ඉතාමත් අවම මට්ටමක පැවතීමත් ශා.ජෝශප් රෝහලේ ඖෂධ ශාලාවෙන් ඖෂධ මිලදී ගන්නා ඔබට ලැබෙන තවත් වාසියකි.
වෛද්‍යවරුන් විසින් ඔබට නිර්දේශ කරන ඖෂධයම, රෝහල තුල ඇති ෆාමසියෙන්ම මිලදී ගැනීමට හැකිවීම රෝගීන්ට මෙම ඔවුන්ගේ පවුලේ අයටත් වඩාත් පහසුවක් වන්නේ එම ඖෂද සොයමින් වෙනත් ෆාමසි වෙත යාමේ අවශ්‍යතාවයක් ඇති නොවන නිසයි.