අනුරගේ කතාවෙන් ලංසාගෙ පච අතේ පත්තු වෙයි

0
466

පසුගියදා පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ අනුරකුමාර දිසානායක මහතා මතුකල ප්‍රකාශයක් දැඩි කතාබහට ලක්විය.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මීගමුවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බේරාගත් බවට ප්‍රකාශ කිරීමත් ඔහු වත්මන් ආණ්ඩුවට එක්වී නියෝජ්‍ය ඇමතිකමක් ලබාගත්තද, දූෂණ යට ගැසිය නොහැකි බව ඔහු ප්‍රකාශ කිරීමත් සමගයි.

කෙසේ වෙතත් විවාදය අතරවාරයේ නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසුවේ අනුර කුමාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ අයුරින් මීගමුවෙන් පැමිණි මන්ත්‍රීවරයා තමා බවත්, ඔහුගේ නිවසට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හෝ මහින්ද රාජපක්ෂ මහතා නොපැමිණි බවත්ය.

ඒ හේතුවෙන් අනුර කුමාර මහතාගේ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා ලෙසද ලන්සා අමාත්‍යවරයා කීය.

මෙම ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුව තරමක් උණුසුම් වූ අතර, තවදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා නියෝජ්‍ය අමාත්‍යවරයා,

මගේ ගෙදරට නාකොටික් එකෙන් ඇවිල්ලා නෑ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ආවෙත් නැහැ. වැරදි මත රටට යවන්නේ නැතුව ඒ කතාව ඉල්ලා අස්කරගන්න යනුවෙන් කියා සිටියේය.

එම අවස්ථාවේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඊට පිළිතුරු දෙමින්,

මම බොහොම ප්‍රවේශම් වුණා නම නොකියා ඉන්න. රටත් ඉතා හොඳින් දන්න එවැනි සිදුවීමක් වුණා. ඒ නිසයි මම කිව්වේ. කොටින්ම කියනවා නම් කුඩු අල්ලන්න ගෙදර ගියා. ජනාධිපති මහින්ද ගිහිල්ලා බදාගත්තා. නියෝජ්‍ය ඇමතිකම් ගත්තා කියලා, රජයට එකතු වුණා කියලා ඒවා වහන්න බැහැ යනුවෙන් පවසා සිටියේය.
http://sinhala.lankafocusnews.com
17f6dea1933a120a7f1b086044baeb2a_XL

මෙන්න සීන් එක….

<iframe width=”420″ height=”315″ src=”https://www.youtube.com/embed/xuggVAsudJ4″ frameborder=”0″ allowfullscreen></iframe>

mr-lansa-colombo-telegraph1

mahinda_pol

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here