අනුරලාගේ පොලිසියත් රාජපක්ෂ පොලිසිය වගේම ද ?

0
105

( 7.00 am ) පුනරුද ආණ්ඩුවට මේ වන විට බරපතල චෝදනා රැසක් එල්ලවෙමින් තිබේ.ඒ ඔවුන් විසින් කරනවා යැයි කියා මැතිවරණ වේදිකාවල් දුන් පොරොන්දු එකින් එක කඩකරිමින් සිටින නිසාවෙනි.

මෙහිදි අවධානයට යොමුකළ යුතුම කරුණු දෙකක් වේ. එනම් ත්‍රස්ත පණත අහෝසි කිරිම සහ මාර්ගගත ආරක්ෂණ පණතේ  සංශෝධනය එක් කිරිමට සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය දෙන ලද පොරොන්දු ගැන නැවත වටයකින් සංවාදයක් සාමජ ගත වෙමින් තිබේ.

ජාතිවාදය පැතිරවිමට උඩ ගෙඩි දිම මෙන්ම දුෂ්තොරතුරු සමාජ ගත කිරිම සැබැවින්ම පාලනය කළ යුතුව තිබේ.
එය භායනකි දෙයකි.
එහෙත් එය කරන අන්දම ගැන සම්න්ධයෙන් රජය දෙවරක් සිතිය යුතුව තිබේ.

කෙසේ වෙතත් අප අමතක නොකළ යුතු දෙයක් ඇත. රජය අලුත් වුවද පොලිසිය ඇතුල රාජ්‍ය ආයතන වල නිලධාරින් දශක ගණනාවක් තුල රාජපක්ෂලා සහ රනිල්ගේ රාජ්‍ය පාලනයක සිටි අයවලුන් ලෙසිනි.

මෙසේ සිතන්නට සිදුව ඇත්තේ නිරන්තරයෙන්ම ජාතිවාදි මත සමාජ කළ රාජපක්ෂල වාදියෙකු වු ජසසුමන නැමැත්තා අත්අඩංගුවට ගැනිම සිදුකර ඇති ආකාරය ගැනය.

මේ සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ මෙසේ සටහන් තබා ඇත.

වෙලාව පාන්දර 1.26යි අපේ ගෙදර බෙල් එක වදිනවා ඒ වෙලාවට කෝල් නොකර අපේ ගෙදරට එන්න කෙනෙක් නෑ ඉතින් අපි ගේට්ටුව ඇරියේ නෑ
ඒත් එක දිගටම බෙල් එක වදිනවා මන් 119 කතා කරා මොකද මේ මහා පාන්දර මොනවට ආවද දන්නෙ නෑනේ ඒත් එක දිගටම බෙල් එක වදිනවා කැලුම් ගේට්ටුව අරින්න ගියත් දුව අරින්න දුන්නෙම නෑ ලමයි දෙන්න හොදටම අවුල් වෙලා කොහොම හරි මන් 119 දෙපාරක් ගත්තා

ඊට පස්සේ පාන්දර 3.37ට 119ට කතා කෙරුව එකෙන් බොරලැස්ගමුව පොලීසියේන් ඇවිත් කෝල් කරාම කැලුම් දොර ඇරියා

එතකොටත් පාන්දර 1.26 ඉදන් බෙල් කෙරුව අයත් ඉන්නවා ඒ අය වෙන කවුරුත් නෙමෙයි ඊයේ කැලුම් හර්ශනව හොයාගෙන ආපු අයමයි.

ඒ අය කිව්වා අපි අවේ කැලුම් ජයසුමන එක්ක යන්න ප්රශ්න කිරීම් වගයක් කරන්න තියෙනවා කියල මන් ඇහුවා පාන්දර 1.26 ඇවිත් අරන් යන්න මේ මනුස්සයා මිනී මරලද මංකොල්ල කාලද කියල ඊටත් එහෙම පාන්දර එන්න මොකක්ද කරපු වරද කියල එතකොට කිව්වා ඒක ෆේස් බුක් පෝස්ට් එකක් සම්බන්ධයෙන් ප්රශ්න කරන්නයි එක්ක යන්නේ මන් ඇහුවා ඇයි උදේ එන්න බැරි කියල ඒකට කිසිම පිලිතුරක් ලැබුණේ නෑ

අද හය දෙනෙක් ඇවිත් හිටියා කැලුම්ට කිව්වා ලෑස්ති වෙලා එන්න ප්රශ්න කිරීම් වගයක් කරන්න තියෙනවා කියල

ඒ අය කැලුම්ව අරන් ගියා පරිගණක අපරාධ අංශයට බලමු මොකද වෙන්නේ කියල

පාන්දර 1.26 ඇවිත් අරන් යන්න පුදුම නිතියක්

උපුටා ගැනිම අවසන්

මේක නම් එහෙම පිටින්ම රාජපක්ෂලාගේ කාලයේ වැනි ගොන්පාට් එකක් ලෙසින් තේරුම් ගැනිමට පුරුදයට තවත් කොච්චර කාලයක් යයිදැයි ප්‍රගතිශිලින් බලා සිටිති

අපට සිටි කිර්තිමත් රාජ්‍ය නිළදරයෙකුගේ ෆේස්බුක් පිටුවේ වු පෝස්ටුකින් මෙම සටහන අවසන් කිරිම යෙහෙකැයි සිතේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here