අනුර කුමාර දිසානායක දිනවීමට අලුත් පරපුරෙන් ජන හමු මාලාවක්

0
882

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කරවීමට සහ ජාතික ජන බලවේගයේ රට හදන වැඩපිළිවෙල ජනගත කිරීමට අලුත් පරපුර සංවිධානය ඉදිරි කාලය තුළ සක්‍රීයව දායකත්වය ලබාදෙන බව එම සංවිධානය අද සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය.

නොවැම්බර් මස 8 වැනිදා ගම්පහ දිස්ත්‍රික්කයේ ද 9 වැනිදා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද 11 වැනිදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ සහ 12 වැනිදා මාතර දිස්ත්‍රික්කයේ ද මේ අනුව ජන හමු සංවිධානය කර ඇතැයි එම සංවිධානය සඳහන් කළේය.

එසේම මෙරට දේශපාලනයේ නවමු දිශානතියක් වෙනුවෙන් අලුත් පියාපත් සංවිධානය, ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට සහය දක්වන බව ද සඳහන් කළේය.

IMG 9198 IMG 9192 IMG 9205 IMG 9196 IMG 9181 IMG 9218 sama

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here