අනුර වමට සිග්නල් දමා දකුණට හරවයි! ගොඨාගේ යුද නියෝග රකින්නත් පෙරට එයි?

0
116

යුද අපරාධකරුවන්ට එරෙහිව කිසිදු දඬුවමක් නොදෙන බව ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබුණි.

යුද්ධයේ අවසන් දින කිපය තුලදි හමුදාව වෙත භාර වු සිවිල් වැසියන් දහස් ගණනක් අතුරුදන් කිරිමට එවකට ආරක්ෂක ලේකම් ගෝඨාගේ නියෝග මත අදාල හමුදා නිලධාරින් ක්‍රියාකාර තිබුන බවට සැක නැත.

අනුරගේ මේ ප්‍රකාශය සැබැවින්ම මානව හිමිකම් තඹ පයිසෙකටවත් මායිම් නොකර ඇති බව ඉතා පැහැදිලිය.

එපමණක් නොව අනුර මේ සැරසෙන්නේ ගෝඨා ගේ යුද නියෝග පවා ආරක්ෂා කර දිමටය.

මෙවන් මානව විරෝධි ප්‍රකාශයක් හමුවේ කිතුණු පූජකයෙකු වු ඉද්දමල්ගොඩ පියතුමා ගන්නා ස්ථාවරය කුමක්දැයි දැනගැනිමට අප කැමැත්තෙන් සිටිමු.

අසල්වැසියාටද ප්‍රේම කළ යුතුය යන දහම වෙනුවෙන් ජිවිතය කැප කළ ඉද්දමල්ගොඩ පියතුමා මේ ගැන කියන්නේ කුමක්ද?

ජාතික ජන බලවේගයද රාජපක්ෂලගේ මෙන්ම දකුණේ රණවිරු පල්ල අල්ලා ජාතිය චූන් කර සිංහල බෞද්ධ ඡන්ද වලින් බලයට ඒමට කිසිදු ලැජ්ජාවකින් තොරව කටයුතු කරනු ලබන මානව විරෝධි දේශපාලන බලවේගයක් බව අද ලෝකයා හමුවේම හෙළිකර තිබේ.

අනුර වමට සිග්නල් දමා දකුණට හරවන්නට පටන් ගත්තා පමනි.

හොද හොද සෙල්ලම් හෙළි වෙන ජාමෙට යැයි කියන ප්‍රකාශය පමණක් හොදින් සිත්හි දරාගනිමු.