”අනේ බුදු ස, මගේ දරුවට මොකදවුනේ ” – මහර රැඳවියන්ගේ මව්වරුන් නිලධාරීන් ඉදිරියේ වැඳ වැටේ.

0
139
( 12.45 pm ) මහර බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන් වාතාවරණය තවදුරටත් පහව ගොස් නොමැති අතර
රැඳවියන්ගේ ඥාතීන් මහර බන්ධනාගාරය ඉදිරිපිටට රැස්වී තම ඥාතීන් පිළිබඳව විස්තර විමසමින් සිටිති.
එහෙත් ඔවුනට තම ඥාතීන් පිළිබඳව කිසිදු තොරතුරක් ලබාගැනීමට නොහැකි වූ බව සමහර දෙමාපියෝ පැවසූහ.
සුජීවා ප්‍රනාන්දු ‘බීබීසී සිංහල සේවය’ සමඟ ඊයේ (30) පැවසුයේ තම පුතා පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බවයි.
“අපි අද උදේ ඉඳල බන්ධනාගාරය ඉස්සරහ හිටියට අපේ පුතා ගැන කිසිම තොරතුරක් ලැබුනේ නෑ. අනේ සර් අපේ පුතාට මොකද උනේ කියල හොයල දෙන්න,” යනුවෙන් ඇය හඬමින් බීබීසී සිංහල සේවයෙන් ඉල්ලා සිටියාය.

මවුවරුන් පොලිස් නිලධාරීන්ගේ දෙපා නමැද සිය දරුවන් බේරාදෙන ලෙසත් ඔවුන්ගේ ගැන තොරතුරු දන්වන ලෙසත් ආයාචනා කරන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

lkjhnb

මේ අතර පවතින තත්ත්වය පිලිබඳව තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉසංක ජයසිංහ සඳහන් කර ඇත්තේ, “සිරකරුවෝද මනුෂ්‍යයෝය යන්න මනුෂ්‍යයෝද සිරකරුවන් ය ලෙසින් වෙනස් වෙමින් පවතී. සූදානමින් සිටින්න,” යනුවෙනි.
සමාජ හා දේශපාලන විශ්ලේෂක Mahesh Hapugoda ගේ ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.
”කුවේණිගෙ ඉඳල ගණන් හැදුවම පොළොවට අතගහල තමන්ට වෙච්ච අවනඩුව කිව්ව ගැහැණුන්ගෙන් මේ පොළොව බරයි. ඒ ගුරුත්වය නිසා වෙන්න ඇති අපි උඩට යන්න හැදුවට පොළොවටම පාත් වෙන්නේ.”
පිරිමි වහල උඩට නඟිනකොට ගැහැණු පොළොවට පාත් වෙනවා. පොළොවට පාත් උනාම ඉල්ලකය ගන්න අමාරුයි.
 
කුවේණිගෙ ඉඳල ගණන් හැදුවම පොළොවට අතගහල තමන්ට වෙච්ච අවනඩුව කිව්ව ගැහැණුන්ගෙන් මේ පොළොව බරයි. ඒ ගුරුත්වය නිසා වෙන්න ඇති අපි උඩට යන්න හැදුවට පොළොවටම පාත් වෙන්නේ.
 
දෙමළ අම්මලා, සිංහල අම්මලා, මුස්ලිම් අම්මලා හූල්ලන්නේ නැති දවසක් මේ භූමියේ නැහැ.
 
 ඔය කිව්වට අහවලා අතේ වරද. නැහැ… අනික් අය අතේ වරද. නැහැ… ඕව පටන් ගත්තේ අහවල්ලු. 
නැහැ…අහවල්ලු. කියල තර්ක කරන්න ඕනි තරම් පිරිමි සංවාද මේ පොළොවේ තියෙන්න ඇති. කොච්චර සංවාද තිබ්බත් ඒ වරදකාරී බවෙන් මිදෙන්න අපිට පුළුවන් ද මම දන්නේ නැහැ.
 
 
මේ අම්මලා අඬන එකට නම් මම ආස නැහැ. 
 
කඳුළු පිහදාල දැන් අම්මලා ගෙදර යන්න. 
 
පිරිමි ලෝකයෙන් තමන්ට අසාධාරණයක් උනාම ගොඩක් ගැහැණු මන්නේ, කැත්ත, පොල්ල අතට ගත්තේ නැහැ. 
 
බැරිම තැනක් ආවම එයාල ගේ පිටිපස්සට ගිහිල්ලා මහා බද්‍රකාලි ට පහනක් තිබ්බා. 
 
දවස් හතෙන්, තුන් මාසෙන්, අවුරුද්දෙන්….සාධාරණය ඉෂ්ට කරන්න කියල ඉල්ලුවා. 
 
සමහර විට හරියයි. සමහර විට සියවස් ගණන් යයි. 
 
හැබැයි ශාපය කියන එක කවදාහරි කැරකිලා ඊළඟ පරම්පරාව ට හරි එනවා. 
 
ටූටන්කාමන් සාපය වගේ. 
 
ඒ නිසා මොන නියෝගය තිබ්බත් කොකා ගස්සන එකාටත් හිතන්න ගොඩක් දේවල් තියනවා. 
 
පිරිත් නූල් බැඳගෙන ඉන්න ගොඩක් අයට ජීවිතේ යම් යම් දේවල් වලට මුහුණ දෙන්න වෙන්නේ තනි තනිව. එයාල ඒක දන්නවා.
 
විද්‍යාවෙන් ගේම ඉල්ලන ගොඩක් අය දෙයියන්ට බයයි. එයිනුත් කාලි අම්මට ගොඩක් බයයි.
 
ආදරයේ ප්‍රතිමුර්තිය දෙවියන් තමයි. 
හැබැයි වෛරයේ මූර්තියත් එයාමයි.
මහර සිපිරි ගෙදර දී ඝාතනය වූ නිදහස්වන්නට සිටි රැඳවියෙකුගේ දියණියක් ලියූ කවි

දින ගණිමින් හිටියෙ තාත්තව දැක ගන්න
තව සති තුනයි නොවැ තිබුණේ ගත වෙන්න
හිතුණේ නැද්ද තව ඩිංගක් ඉවසන්න
කාකි ඇස්වලින් සැඟවී ගෙන ඉන්න
අසාධාරණය දැක නිහඬව ඉවසන්න
පුරුදුවෙලා සිටියේ නැති එක වරද
වෙඩි වැද මිය ගියේ ඔබ නොව අප තිදෙන
කෙලෙසක වාවම් ද අපි මේ රුදු විපතසතියට වතාවක් මහරට ගිය ගමන
කොවිඩ් වසංගතයෙනි නැවතුණෙ මෙවර
දකිනට නොලැබුමෙන් තාත්තාගේ මුහුණ
අම්මා හිටියෙ කඳුළින් තෙත් වී දෙනෙත

තාත්තේ ඔබට අපෙ දුක පෙනෙනව ද
තාත්තේ ඔබට අපෙ හඬ ඇහෙනව ද
තාත්තේ ටිකක් ඇහැ ඇර බලනව ද
අඬන්නෙපා යයි අම්මට කියනව ද

– බුද්ධදාස ගලප්පත්ති
theleader.lk