මෙහි විත්තිකරු වූයේ මීගමුව කාමච්චෝඩය ප්‍රදේශයේ තාවකාලිකව ලැගුම්ගෙන සිටින කාත් කවුරුවත් නොමැති අඳ යාචකයෙකි. මහජනයාට හිරිහැර වන අන්දමින් අප්‍රසන්නතාවයෙන් යුතුව සිඟමන් යෑදීම සම්බන්ධයෙන් යාචකයන් රැසක් මීගමුව පොලිසියේ පරිසර ඒකක මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි. මෙහිදී අත්අඩංගුවට ගත් යාචක පිරිසෙන් එක් අයකු හැර අනිකුත් යාචක පිරිස වරද පිළිගත්හ. එහිදී නෙත් අඳ යාචකයකු පමණක් නිවැරැදිකරු බව ප්‍රකාශ කළෙන් එහි නඩු විභාගය ආරම්භ විය.
එම පුද්ගලයා නෙත් අඳ අයකු බැවින් ඔහුට අධිකරණ ශාලාවේ විත්ති කූඩුව අසලින් වාඩිවීම සඳහා අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා විසින් අසුනක්‌ද ලබාදෙන ලදී. එහිදී තමා යාචකයකු බව ඔප්පු කරන්නේ කෙසේදැයි ඇසූ ප්‍රශ්නයට පැමිණිල්ල මෙහෙයවූ පොලිසියට උත්තර දීගත නොහැකි විය. ඊට අමතරව එම සිද්ධියට අදාළව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් නඩු භාණ්‌ඩ අධිකරණයට ඉදිරිපත් කරන්නේ දැයි පොලිසියෙන් හරස් ප්‍රශ්න ඇසූ අවස්‌ථාවේ එයටද පිළිතුරු දීගත නොහැකිව පොලිසිය අසරණ විය. මෙහිදී නඩු විභාගයේදී යාචකයාට එරෙහිව නඟා ඇති චෝදනාව ඔප්පු කිරීමට පොලිසියට නොහැකිවීම සැලකිල්ලට ගත් අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා විසින් එම විත්තිකරු (යාචකයා) නඩුවෙන් නිදොස් කොට නිදහස් කර මුදාහැරීමට නියෝග කළේය
(දිවයින ඇසුරිනි.)