අපට ඕනෑ වියළි ආහාර මල්ලක් නෙමෙයි යුක්තියයි – කටුවාපිටිය පියතුමා කියයි !

0
278

බලය ලබාගැනිම වෙනුවෙන් සිදුකරන්නට යෙදුන පාස්කු ඉරුදින ප්‍රහාරයට අප්‍රෙල් 21 වෙනිදාට වසර 5ක් පිරෙයි.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ගැන දන්නවා යැයි කියමින් හිටපු ජනපති තවත් අඩව්වක් අල්ලන්නට සැරසෙන බව පෙනේ.ඔහු මෙවර රඟපාන්නට යන්නේ චීන කොන්ත්‍රාත්ක්දැයි සමාජ මාධ්‍ය තුල මෙන්ම දේශපාලන කව තුලද කතාබහක් නිර්මාණය වි තිබේ.

මේ අතර පසුගිය පාස්කු ඉරුදින පොලිස්පතිවරයාගේ කටුවපිටිය ගමන ගැන කතෝලික සභාව තුල මෙන්ම මිගමුවේ ජනයා අතරද සංවාදයක් මතුව ඇත.

මේ අතර කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මීසම් පාලක ගරු මංජු නිරෝෂන් පියතුමා ඊයේ කොළඹ අගරදගුරු නිවසේ පැවැති මාධ්‍ය හමුවකදි මෙසේ කියා තිබුණ බව ada.lk වෙබ් අඩවිය වාර්තා කර තිබුණි

පාස්කු ඉරිදා කියන්නේ අපි හැමෝටම වැදගත් දවසක්. උදේ 07ට අපි දිව්‍ය පූජාව පැවැත්වුවා. මේ සිද්ධිය සිදු වන විට බොහොම පැහැදිලිවම අපිව කිසිම ආකාරයකින් කිසිවෙකුත් දැනුවත් කරලා තිබුණේ නෑ. ඇත්තටම අපි ඉල්ලා සිටින්නේ වියළි ආහාර මල්ලක් නෙවෙයි. අපිව ඇවිල්ලා බලලා යන්න නෙවෙයි. අපි ඉල්ලන්නේ අපිට යුක්තිය. හරි අනාවරණයක් ලබා දෙන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ.

ඒ වගේම කියන්න ඕනෑ පොලිස්පතිවරයා අප දැනුවත් නොකර තමයි ආවේ. ඒ ආවේ පාස්කු ඉරිදා පෙරහරින් පසුව. පොලිස්පති එනකොට වුණත් දැනුවත් කිරීමක් කරන්න ඕනෑ. මොන අරමුණක් වෙනුවෙන් ආවද කියන්න අපි දන්නේ නෑ. අපි කියන්නේ මේ වගේ දේවල් වෙනුවෙන් නෙවෙයි එන්න ඕනෑ. එන්න ඕනෑ විමර්ශනයන් වෙනුවෙන් සහ මේකට අවශ්‍ය යුක්තිය ඉෂ්ට කිරීමට.