”අපට බොන්න වතුර ටිකක් ගන්න ජලනලයක් එලා දෙන්න” -තම්මිට ගම්වැසියෝ කියති!

0
106
thammita water issueතම්මිට ගමේ කබොක් පසත් ගම පිහිටා තිබෙන කන්දත් බැවින් වසරින් මාස කීපයක්ම උග්‍ර ජල ගැටලුවකට මුහුණ දෙති .පසුගිය ආණ්ඩුව ගමට දී  තිබෙන ප්‍රජා ජල ව්‍යාපෘතිය අසාර්ථක වීමට බලපා ඇත්තේ කන්ද වටා අත්තනගලු ඔය ගැලීමත් ඔයට ආසන්නව ළිං කැපීමට සිදුවීමත් නිසාය .ඔයේ ජලය කෙලින්ම උල්පත් ආකාරයට ළිං වලට ගලාගෙන ඒමෙන්  කපන සියලුම ළිං වල ජලය අපවිත්‍රව පැවතීමය.ජලයේ අපවිත්‍ර බව  අදාල රජයේ නිලධාරීන්ගේ වාර්තා මගින් තහවුරු වී  ඇත.මිනුවන්ගොඩ ප්‍රදේශීය ලේකම් කාර්යාල මගින්ද ළිං වල ජලය අපවිත්‍ර  බව තහවුරු කර ඇත .තව දුරටත් ළිං කැපීම තේරුමක් නැත.ගම්වැසියන් ජල පීඩාවෙන්ද සහ සුදු අලියෙක් බඳු තම්මිට ප්‍රජා ජල ව්‍යාපෘතිය නඩත්තු කිරීමෙන් ද හෙම්බත්ව ද සිටිති.
                              ප්‍රායෝගික සහ එකම විසඳුම ලෙස ගම්වැසියන්  ගමට කිලෝමීටර් 3 ක්  නුදුරින් ගලන ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ ප්‍රධාන ජල නලයේ දිගුවක් තම්මිට ගම්මානයට ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් දහසකින් යුක්තව ගරු ජනාධිපතිතුමා වෙත යොමු කරන ලදී.එතුමාගෙන් පිළිසරණක් ලැබෙනතුරු ගම්වැසියන් නොඉවසිල්ලෙන් සිටිති.ඉහත  ජන පීඩනය  සම්බන්ධයෙන් ලක්බිම ජුලී 4 ,දිවයින 5,රිවිර 7 දිනද ප්‍රචාරය දී ගම්වැසියන්ගේ හඬ  රටට හෙළිදරව් කර තිබේ .අපි (මම) ඔවුන්ට ස්තුති කරමි.
                             මට අවශ්‍ය ජනපති ප්‍රමුඛ යහපාලන රජයට මූලික අවශ්‍යතාවයක් වන පානීය ජලය ලබා දීමට සුළු  ප්‍රතිපාදනයක්  වෙන් කරන්න කියලා පෙන්වා දීමටයි.කිලෝමීටර්  3 ක් දුරට 3.5” නලයක් දමා ගැනීමට පමණි.{කැලණිය දකුණ ඉව්ර ජල පවිත්‍රාගාරයෙන් කඩවත ,ගනේමුල්ල ඔස්සේ මාකිලංගමුව හන්දිය තෙක් ජලය ලැබී තිබේ.ගූගල් සිතියමේ ගනේමුල්ල  පසු කර රත්මල්විට පාරට හැරෙන හන්දිය (අත්තනගලු ඔය ලෙස නම්කර ඇති ඌරුවල්ඔය අසල) මාකිලංගමුව හන්දිය නම් වේ.ඉන් ඉදිරියට කිරිඳිවිට හන්දියට ඔබ්බෙන් තම්මිට වේල්ල සහ විල පැහැදිලිව පෙනේ.ජල මණ්ඩලයේ අභ්‍යන්තර තොරතුරු වලට අනුව තම්මිට ගමට ජලය ලබා දීමට කැලණිය දකුණ ඉව්ර ජල පවිත්‍රාගාරයට ගැටළුවක් නැත.}ඉතා සුළු වියදමකින් තම්මිට ජනතාවගේ ගැටලුව විසඳිය හැක.
නයන කහටපිටිය