අපට මුහුදු රස්සාව එපාකරවන විදිහට දේවල් සිද්ධ වෙනවා. සුළුපන්න ධීවරයෝ නිලධාරී මහතුන් ඉදිරියේ මැසිවිලි නගති.

0
92

tradtional sea fishermen with officers

(7.15 am ) ගොඩ මුහුදේ    තම  කුඩා  තෙප්පමෙන්   ගොස්   මාළු  අල්ලා  ජීවිතය  ගැටගසා ගන්නා  සුළු පන්න  ධීවරයින්ට  මුහුණ දීමට  සිදුවී ඇති  ප්‍රශ්ණ  රාසියකි. ඔවුන්ට  තමන්ගේ  සීමාව  තුළ  ධීවර  රස්සාව  කළ  නොහැකි  අන්දමේ  බාධාවන්  සහ  ගැටළු  කිහිපයක්   පිළිබඳව  තමන්ගේ  සමීතිය  තුළ  සාකච්ඡා කළ  නමුත්  මේ  කිසිවක්  නිරාකරණය  කර ගැනීමට  තවමත්  නොහැකි වී  ඇත. මෙතෙක්  කලක්  මෙම  ප්‍රශ්ණ  සහා  කිසිදු  නිලධාරියෙකු    විසඳුමක්  නොදුන්  බවත් , ඒ  නිසා  ඔවුන්  හමුවී  කිසිදු  පලක්  නැති බවත්   ඔවුන්ගේ   නිගමනය  විය. නමුත්  පසුගිය  දිනවල  ඉතා  බරපතල  ලෙස   මුහුදේ   දමා  තිබෙන    මාළු කටු  , ඔළු  සහ   වරල්  ආදිය  නිසා  තමන්ගේ  දැල්  විශාල  වශයෙන්  විනාශවීම  නිසා  නැවත  ධීවර  කාර්්‍යාලයට  පැමිණ  මෙකී   ගැටළු  ඉදිරිපත්කිරීමට  යොමුවී  ඇත.  මේ  අනුව  අද( 11දා)   දවල්  12.30ට  පමණ  තෙප්පම්  සමීතියේ නියෝජිතයින්  කිහිප දෙනෙකු   ධීවර  කාර්්‍යාලයට  පැමිණියේ  සහකාර  ධීවර අධ්‍යක්ෂක  මහතා  හමුවී   තමන්ගේ  ගැටළුව  සඳහා   විසඳුමක්  ලබාගැනීමටය.  නමුත්  ඒ  මහතා  අසනීප  තත්වයක්  නිසා  නොපැමිණි  හෙයින්   මෙම  අවස්ථාවේ  වැඩබලන  නිලධාරි  මහතාවූ  ප්‍රධාන ධීවර  පරීක්ෂක  මාරසිංහ  මහතා  වෙත  තම  ප්‍රශ්ණ  යොමු කරන  ලදී.

මේ  අනුව   ප්‍රධාන  ප්‍රශ්ණය  ලෙස  ගොඩමුහුදේ   දමා යන  විශාල  අපද්‍රව්‍ය  ප්‍රමාණයක්   නිසා  අද  තමන්ට  දැලක්  එලාගත  නොහැකි  බව  ඔවුන්  පැහැදිළි  කරන  ලදී.   ඇන්ටනි  නම්වූ  ධීවර  මහතාගේ  දැල්  ඉරී  යාම  නිසා  ඔහුට  විඳින්ටවූ  අලාභය  රු. 40,000/ ක්පමණ වන බව ත්,  දිනපතාම  ඔවුන්  මෙකී  ප්‍රශ්ණයට  මුහුණ  දෙන  බවත්  තෙප්පම්  සමීතියේ  සභාපති වන  ප්‍රදීප්  මහතා  පෙන්වා දෙන  ලදී. මේ  සඳහා  පිළිතුරු  දුන්  මාරසිංහ   මහතා  මෙම  කාරණය  ගැන  අවධානයෙන්  සිටිනලෙස   මුහුදු  ආරක්ෂක   හමුදාවට  තමන්  දැනුම් දෙන  බවත්,  එසේම  කරවල  කරන  අයගේ  සමීතියටත්  මේ ගැන  දැනුම්  දෙන  බවත්  පොරොන්දු  විය.  තවදුරටක්  අදහස්  දැක්වූ  මාරසිංහ  මහතා  අපද්‍රව්‍ය  මුහුදට  දමන  අවස්ථාවක  එකී  බෝට්ටුවේ  අංකය   ඡායාරූප  ගතකර  දෙන්නේ නම්  මෙය  විසඳා  ගැනීමට  පහසුවන  බවත්  පෙන්වාදෙන  ලදී.

මාරසිංහ මහතා  වෙත ධීවර  නියෝජිතයින්   ඉදිරිපත් කළ  මීලඟ  ප්‍රශ්ණය  වූයේ  කොටුකර  මසුන්  ඇල්ලීම  නිසා  සුළුපන්න  ධීවරයා  මුහුණ දෙන ගැටළුව  පිළිබඳවයි.  මේ  අනුව  ඔවුන්  පැහැදිළි   කළේ   විවිධ  වර්ගයේ  දැල්  දමා  එසේ  මාළු  ඇල්ලීම  නිසා   මෙය  ඉතාමත්  කරදරකාරී  තත්වයක්  බවය.  ‍සමහර විට  තහනම්  කළද  තාවකාලිකව  නවතා  දමා  පසුව   නැවත  මෙම  කොටුකරන   රස්සාව  කරගෙන  යන බවයි.   මේ  ගැන  කමන්ට තනි  තීරණයක්  දිය  නොහැකි  බැවින්   ඉදිරියේදී   සාකච්ඡා කොට  තීරණයක්  ගන්නා  බවට  මාරසිංහ  මහතා  පොරොන්දුවිය.