(අපේ සොහොයුරු රෝහිත භාෂණගේ පියාණන්ගේ වියෝව වෙනුවෙනි.)
පේ‍්‍රමය අත්නොහල පියෙකු
ප‍්‍රාණය අත්හරිමින් සිටි පැයෙහිදීත්…
සෙනෙහෙවන්තව සිටි බව
මා නුඹට කිව යුතුය..
වියෝවේ හී ගසෙන්
පහර විඳි
ඒ කැළඹුණ මොහොතේදීත්
අප්පච්චී
පිපාසිතව නොසිටියෙහිය..
මහා පළ දුන් ගසක්
කෙතරම් පිරිපුන්ද..
සාධාරණ උඩගුවකින්
ඔහු සැරසී සිටියේය
ඒ නුඹ ගැනයි…
නිවටකම පලවා
පටු මාවතෙහි ගමන් කළ,
අප්පච්චී
මද පවනෙනුත්
සැනහුණා..
නුඹ ඈත සිටියත්,
සිහිනෙනුත්
පුතුන් වෙත තුරුළු වී
හිනැහුණා ….,
ඒ නුඹේ පියාණන්..
……………………………………………….
‘‘අප්පොච්චෝ …
..අප්පොච්චා පින් ගොඩාක් රැස්කළා..
කුරුල්ලන්ටත් වතුර දුන්නා.. කන්ට දුන්නා
ධර්මය අවබෝධ කරගත්තා
මයේ අප්පච්චී දැන්
හිත නිවාගන්ට ඕනෑ …’’
පෙම්බර මතක මත සරමින්
ගිණි ඇවිලූණ හද
වාවනු නොවූ…
නුඹේ අක්කන්ඩී කීවා
‘‘ජීවිතය අත්හරින්න
අප්පච්චියේ
අපි තරහා නෑ ..’’
………………………………………………….
‘‘නුඹ ගලවා ගනු පිනිස
මාගේ පුත‍්‍රයා ඒව්වෙමී ’’
දේව වචනය
සිහි විය… ඒ පැයෙහි,
මිනිස්කමට සාක්ෂි දරනු පිණිස
මාගේ පුත‍්‍රයා අත්හළෙමි,
දුබලයින් වෙත එහි පළ
ලබනු පිණිස…
එසද මා තරම් පින්කළ
පියෙකු වෙද….
ප්‍රේමයෙ
ඒ දේශයේහිදී
ඔහු හමුවනු පිණිස…
ඒ මාගේ පුත‍්‍රයායි..
අප්පොච්චී කීවා….
කුමාරි ප‍්‍රනාන්දු