අප්‍රේල් සංහාරය…..

0
97

1994 ඒ අඳුරු අප්‍රේල් මාසයේ මිනිස් ඉතිහාසයේ දරුණුතම මිනිස් සංහාරය සිදුවුණි. දින සියයක් තුළ සාමාන්‍ය ජනතාව ලක්ෂ අටක් පමණදෙනා තම ජීවිතයෙන් වන්දි ගෙවූ අතර එම අවාසනාවන්ත සිදුවීම අළලා නිර්මාණය වූ සිනමා කෘතියයි
Some times in April .
අප්‍රිකානු රාජ්‍යයක් වන රුවන්ඩාවේ විසූ හුටු  ජාතිකයන්ට  ටුට්සි වැසියන් එරෙහිවීම මෙයට මූලික වේ. චිත්‍රපටය දිව යන්නේ හුටු ජාතික එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක්, සිදුවූ එම මිනිස් සංහාරය හේතුකොට වෙනස්වීම්වලට ලක්වූ සිය සහෝදරත්වය, පවුල් සබඳකම් සහ සිය දිවිය පිළිබඳ ස්මරණයක යෙදෙන ආකාරයෙනි.
ගුවන්විදුලි නිවේදකයෙක් වන ඔගස්ටින්  එක් අයෙක් වන අතර සේවියර් ආරක්ෂක අංශ ජෙනරාල්වරයෙකි.
මෙම සංහාරය සිදුකරනුයේ හුටු ජාතිකයන් විසින්  ටුට්සි  ජාතිකයන් දෑස් ඉදිරිපිටම මරාදමමිනි. ඔගස්ටින් තිදරු පියෙක් වන අතර ඔහුගේ බිරිඳ ටුට්සි ජාතික කාන්තාවකි. ඝාතකයෝ සිය විරුද්ධවාදී ජාතිකයන්ගේ හැදුනුම්පත් පරික්ෂා කරමින් ඔවුන්ව අමානුෂික අන්දමින් ඝාතනය කරති. මේ ඉරණමම ඔගස්ටින්ගේ පවුලටත් හිමිවේද ?
මේ අයුරින් අධ්‍යක්ෂවරයා සත්‍ය සිදුවීම පදනම් කරගෙන අනුවේදනීය ආකාරයට රූපරාමු හසුරුවන අතරම මෙයට සත්‍ය වශයෙන්ම වගකිවයුත්තේ කවුරුන්දැයි ගැටලූවක් ව්‍යංගයෙන් ප්‍රේක්ෂකයා වෙතට යොමුකරයි.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ රාවුල් පෙක් විසින් වන අතර මිනිත්තු 140 ක කාලයක් තුළ චිත්‍රපටය දිවයයි.

සටහන -ඩිලාන් දමිත.