අප්‍රේල් 20 න් පස්සේ මීගමුවේ මිටර් නැති ත්‍රිරෝද රථවලටත් නඩු !

0
112

d1495fd50aec8a7f22f99ef1d7dfe1a1_L( 3.15pm ) ත්‍රිරෝද රථ වලට මිටර් අනිවාර්ය නිතිය අප්‍රේල් 20දා සිට ක්‍රියාත්මක බව මාර්ග ආරක්ෂාව පිළිබදව ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.
මේ සදහා ප්‍රමිතිගත මිටර් නිෂ්පාදනය සදහා අදාල ආයතනය සමගින් සාකච්ජාකොට ඒ සදහා ප්‍රමාණවත් කාලයක් ලබා දි ඇති බව ඔහු කියා සිටියි.
එමෙන්ම අදාල ත්‍රිරෝද රථ සංගම් සමගින්ද සාකච්ජා පවත්වා දැනුවත් කොට තිබේ.
මේ අනුව අදාල ගැසට් නිවේදනය පසුගිය සැප්තැම්බර් 01 සම්මත කරගැනුනද එය ක්‍රියාත්මක කිරිමපසුව අප්‍රේල් 01 වෙනිදා දක්වා කල්දමන ලදි.
පසුව සිංහල දමිල අවුරුදු වලින් පසුව ක්‍රියාත්මක කිරිමට එකගවිමත් සමගින් අප්‍රේල් 20 වෙනිදා සිට ඇරඹේ.
මීගමුව තුල ත්‍රිරෝද රථ රියදුරන් විසින් විවිධ ගණන් හිතුමතේ අයකිරිම පිළිබදව පසුගිය කාලය තුල පැමිණිලි ගණනාවක් ලැබි තිබුණි.
ලංකාව පුරාම ක්‍රියාත්මකවිමට නියමිත මෙම ගැසට් නිවේදනය මගින් ප්‍රවාහනය කරනු ලබන සියළුම ත්‍රිරෝද විසින් පිළිපැදිය යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here