අපිටත් ඔලිව් ගසක්

0
509

2013-06-20 10.59.10මේ ජායාරූපයේ දිස්වන්නේ වෙන්නප්පුව නගරයේ  ගෙවත්තක  පැළකර තිබූ ඔලිව් පැලයකි. දැනට අවුරුදු 17ක් පමණ සිට ඉතාලියේ සේවය කරන ප්‍රියංකා ජයසූරිය  ඉතාලියේ සිට ගෙන ආ මෙම ඔලිව් ශාකය පැලකරන විට එය සාර්ථක වේ යැයි විශ්වාස නොකළද එය දැන් යන්තම් දළු ලා ඇත. වෙන්නප්පුව නගරයේ බහුතරක් පුරවැසියන් සේවය කරන්නේ ඉතාලියේ නිසා දැන් කාලයක පටන් ඔවුන්ගේ සංස්කෘතියේ සමහර අංග මෙම ප්‍රදේශයේ  නගරවාසීන්ට ද එකතු වී ඇත. ඒ අතර ආහාර ප්‍රධාන තැනක් ගනී.
නගර වල නම්ද වෙන්නප්පුව ප්‍රදේශයේ සමහර ස්ථාන නම් කිරීමට භාවිතා කර ඇත. සමහර ආහාර වර්ග මෙන්ම ඇදුම් විලාසිතා මෙන්ම ගෘහ උපකරණ ද ඇතුළත්ව යම් උප සංස්කෘතියක් ඉතාලියානු අභාශයෙන් ඇති විය. මේ ඔලිව් පැළයද වෙන්නප්පුව නගරයට එක්වන එවැනි තවත් අලුත් සංස්කෘතිකාංගයකි. මේ වන විට  ඉතාලියේ සේවය කරන අය නිසා වෙන්නප්පුව, මාරවිල  ප්‍රදේශ වල ඇති බොහෝ පොල් ඉඩම් කොටස් කර විකිනිමට වෙන්දේසි කර ඇත. පසුගිය කාලයේ මේ ප්‍රදේශයේ නොසෑහෙන ලෙස පොල් ශාඛය ද අඩුවූයේ ඉතාලි ගොස් මුදල් හම්භකරගෙන එන ජනතාව  තැනූ මහා මන්දිර වලට  ඉඩ දීමටය.  විශාල පොල් අක්කර ඒ වෙනුවෙන්  කොටස් විය. 2013-06-20 11.00.19
සමහර විට ඉදිරි කාලයේදී  මෙම ප්‍රදේශයේ පොල් වෙනුවට ඔලිව් ශාකය ද බහුලව දැකිය හැකි වීමට ද පිලිවෙන. එසේ වුවහොත් අපේ ආහාර අතරට අලුත් ආහාරයක් ද අපේ ස්වභාවික පරිසරයට අලුත් ශාඛයක්ද එකතු වනු ඇත.
jerold_olive
යුරෝපයේ   මෙන්ම  පෙරදිග රටවල් හී වැවෙන ‘ඔලිව්‘ ශාකය මහත් පළ දෙන මෙන්ම දීර්ඝ ආයුෂ ඇති ගසකි. ඔලිව් ශාකයේ හට ගන්නා ඔලිව් ගෙඩි ආහාරයට ගන්නා අතර එයින් ඔලිව්  තෙල් හා විවිධ ආහාර වර්ග නිපදවයි. ඔලිව් ගසේ පැරණිකම ගැන උදාහරණ පැරණි බයිබලයෙන් සම්භ වේ. ජලගැල්මෙන්  පසු  ජලය සිදීගොස් ඇති බව නෝවා දැනගන්නේ නැවෙන් එළියට යන පක්ෂියෙකු ඔලිව් අත්තක්  රැගෙන ආ පසුය. මේ ගස අවුරුදු 1000කට වඩා ආයු වළදන මිනිසාගේ ආයුෂ සමගද බැදී පවතින ශාකයකි.olives_close_up

 

OliveWoodTrees

නිරාෂා සෙව්වන්දි