”අපි ගාවට තාමත් කොල්ලෝ එනව බං කලිසන් මහගන්න”

0
267

3තනි කකුලේ වාරුවෙන් මහන මැෂිමකින් වසර 40 ක් තිස්සේ ජිවිතය සරිකරගත් ඇලෙක්සැන්ඩර් තමන්ගේ රැකියාව ගැන සිටින්නේ මහත් වු විශ්වාසයකිනි.
එමෙන්ම ආඩම්බරයකිනි.
මොන තරම් නවින පන්නයේ විලාසිතා පැමිණියද නිමි ඇදුම් වලින් නගරයේ සියළු කඩසාප්පු පිරි ඉතිරි යමින් තිබුනද ටේලර් රස්සාව තාමත් අල්ලන් ඉන්නට ඔහුට හැකිව තිබේ.
”මම ඉස්කෝලේ යන ගැටය කාලේ ඉදන් තමයි මේ රස්සාව පුරුදුවෙන්න පටන් ගත්තේ .ඒ කාලේ මං ඉස්කෝලේ අැරිල ඇවිත් බොත්තම් කාස මහන්න ඉගෙන ගන්න යනවා.
කටුනායක හංදියේ හයිසින් ටෙලර් ඇන්ටනි ටේලර්ල තමයි මගේ ගුරුවරු….. පස්සේ කාලයක් යන කොට සල්ලි ටිකක් ඉතුරු කරගෙන මං මේ මහන මැසිම ගත්තා. දැන් අවුරුදු 40 ටත් වැඩියි මැෂිමයි මායි තාමත් හැමදාම වැඩ…2
දැන් අළුත් පැෂන්නේ .තියෙන්නේ ඉතින් මිනිස්සු එනව අඩු නැද්ද ටේලර්ල ගාවට.. ?????
.මොන පැෂන් තිබුණත් මහල කලිසම් අදින්න ෂර්ට් අදින්න පුරුදු වෙච්ච කට්ටියක් ඉන්නවා ඒ අය ඉතින් අදින්නේම මහල තමයි.
කොල්ලෝ එහෙමත් එනවා කලිසන් මහගන්න…..
කටුනායක හංදියේ ඉතාමත් පුංචි කඩකාමර තීරුවක අවුරුදු 40 කටත් වැඩි සිංගර් මැසිමත් තියාගෙන මැහුම් රස්සාව කරගෙන යන ඇලෙක්සැන්ඩර් මහතාව කටුනායක නගරයේ නොදන්නා කෙනෙක් නැත.ඔහුගේ  එක් පාදයක් කුඩා අවදියේ පටන්ම අඩපනය.1
මැෂිමේ පැඩලයට අඩපන පාදයේද වාරුව ගෙන දිනපතාම ඔහුම මැෂිම පාගයි….
සිය කර්මාන්තයේ ඉදිරිය ගැන ඔහුට ඇත්තේ නොසැලෙන විශ්වාසයකි.
නුතනත්වය ගම් නියම්ගම් සිසාරා  හැල්මේ පැතිර ගියද ඇලෙක්සැන්ඩර් ට හෙට ගැන  තාමත් ඇත්තේ දැඩි විශ්වාසයකි…..