”අපි මැරුණොත් රදගුරු මැල්කම් රංජිත් හිමි සහ ජනපති වගකිව යුතුයි”.

0
41

201දෙවන සංස්කරණය – ”අපි මැරුණොත් ඒකට වගකියන්න ඕනේ කාර්දිනල් මැල්කම් රංජිත් හිමි සහ ජනපති ”යැයි අද මාරාන්තික උපවාසයකට වාඩි වෙමින් මීගමුවේ ධිවර නායකයෙකු වන රොඩ්නි ප්‍රනාන්දු මහතා පවසා සිටියේය.
”අපි මේ ප්‍රශ්ණෙ අපේ ආගමේ නායකයා හැටියට කාර්දිනල් තුමාව දැන් අවුරුදු 2 කක් තිස්සේ දැනුවත් කරලා තියෙනවා.ඒත් මේ කිසිදේකින් අපට උත්තර නොලැබුන හින්ද අද අපිට මාරන්තික උපවාසයකට ඉදගන්න වුණා.අපේ නායකයා කාර්දිනල් තුමා රටේ නායකයා ජනාධිපති.
අපි මැරුනොත් මේ අය වගකිව යුතුයි…”
දින 3 ක් යන තුරුත් රජයේ හෝ වෙනත් කිසිවෙකුගේ ප්‍රතිචාරයක් නොලැබුන නිසා මීගමුව මහනගර සභා භූමියේ ක්‍රිස්තු ප්‍රතිමාව ඉදිරියේ අද උදේ 10.00 සිට ( 2014 ජුනි 18)ධිවර ක්‍රියාකාරින් තිදෙනෙකු මාරන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.