අපි මිගමු රෝහල හදාගන්න ඕනා-නාගරික මන්ත්‍රි සුනිල් සිල්වා

0
69

Negombo-News නාගරික මන්ත්‍රි සුනිල් සිල්වා මීගමුව රෝහලේ ඉවත ලන සිරින්ජර් කටු පුළුස්සා දැමිමට ඉන්සිලරේටරයක් මිළට ගැනිමට මීගමුව මහනගර සභාව විසින් උදව් කළ යුතු බවට යෝජනාවක් ගෙන ආවේ පසුගිය මහ සභා රැස්විමේදිය.

මේ සම්බන්ධයෙන් මිපුර වෙබ් අඩවිය විමසා සිටි අවස්ථාවේදි ඔහු පවසා සිටියේ අපට හදිස්සියක් වුනොත් යන්න තියෙන මුලිකම රෝහල තමයි මීගමුව ඉතින් අපි ඒක අංග සම්පුර්ණ කරගන්නවා කියන්නේ අපෙත් මේ කලාපේ අනෙක් අයගෙත් ජිවිත ආරක්ෂාව වැඩිකරගන්නවා කියන එකයි.

මේ හින්ද අපට පුළුවන් නම් මිගමුව කටාන සහ සිදුව වැනි පළාත් පාලන ආයතන එකතුවෙලා මේ රෝහලේ තත්වය නගා සිටුවන්න ඒක ඇත්තටම හොද තත්වයක්. මේ වගේ කටයුතු වලට පළාත් පාලන ආයාතන මැදිහත් වුනොත් අපේ තැන්වලින් සිද්ධවෙන නාස්තිකාර වියදම් අඩුකරගෙන ඒවාට සමාජ අර්ථයක් දෙන්න පුළුවන්.

මීගමුව රෝහලේ  භූ කේන්ද්‍රිය පිහිටිම  අනුව අද එය පත්ව ඇත්තේ අතිශය විශේෂ තැනකටය. සංවාරක ව්‍යාපාරයක් ජාත්‍යන්තර ගුවන් තොටුපලත් නිසා මේ තත්වය තිරාණාත්මකව ඇත.

එහෙත් පසුගිය කාලය තුල මේ අතිශය වැදගත් කම් සැලකිල්ලට ගෙන රෝහල දියුණු කිරිමට කිසිදු බලධාරියෙක් පියවර ගත් බවක් නොපෙනේ.

එපමණක් නොව ඇතැම් ඇමතිවරුන් මිගමුව රෝහලට ලබාදෙන පවසා සිටි ඇතැම් ප්‍රතිපාදනයන් පවා අවසානයේ වෙනත් නගරවල රෝහල් වලට  වෙන්ව තිබු බවටද  තොරතුරු අනාවරණය වි තිබේ.