ශ්‍රීලනිප ජ්‍යෙෂ්ට උපදේශිකා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී විශේෂ සමුළුවක් පැවැත්විණි. සමුළුව පැවැත්වූයේ ‘අපි ශ්‍රී ලංකා’ සංවිධානය ලෙසයි.
මෙම සමුළුව සඳහා හිටපු ශ්‍රීලනිප මැති ඇමතිවරුන් ඇතුළු ශ්‍රීලනිප සාමාජිකයන් රැසක් එක්ව සිටියහ.
මෙම අවස්ථාව සඳහා මංගල සමරවීර, රාජිත සේනාරත්න, මනේ ගනේෂන් යන ඇමතිවරුන් සහ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ඇතුළු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන දේශපාලන නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටියහ.ඡායා – අජිත් සෙනවිරත්න
LNW