”අපි C I D යැයි ” කියමින් ගෙදරට පැන පුද්ගලයෙකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලලා

0
75

thief

(1.11pm) පසුගිය  22  දා(  සිකුරාදා) සවස  4ත් 5ත් අතර  කටාන  ප්‍රදේශයේ  නිවසකට  බලහත්කාරයෙන්  කඩා වැදුනු   හතරදෙනෙකුගෙන්  සමන්විත  කංඩායමක්  එහි සිටි  ගෙහිමියා  බිය වද්දමින්  එම  නිවසේ  වත්තට  රැගෙන  ගොස්   පහර දී  ඇත.  එසේ  පහර දෙමින්  නිධානයක්  ගැන  කියා  කෝ  නිධානය  විතුණා  ගත්ත  සල්ලි  දීපන්  කියා  තවතවත්  පහර  දී  පසුව  අත්වැසුම්  පැළඳ   එම  නිවසේ  CCTV  කැමරාවේ  මැෂින් එකත්,  පෝන්  දෙකකුත්,  අයිපෑඩ්  දෙකකුත්  රැගෙන  මෙම  නිවෙස්  හිමියා  සතුව  තිබුනු  TOYOTA   VOXY  වර්ගයේ  වාහනයට  ඔහුවද  නංවා  ගනිමින්  පලාගොස් ඇත.

එසේ  පලාගොස්  මෙම  මංකොල්ලකරුවෝ  ‍ නිවෙස්  හිමියා  ලවා  ඔහුගේ  නිවසට  දුරකථන  ඇමතුමක්  ලබා  ගෙන  ලක්ෂ  හතරක  මුදලක්  කප්පම්  ලෙස  ඉල්ලා  ඇති අතර   පසුව  මොවුන්  නිවෙස් හිමියා  අමන්දොළුව  ප්‍රදේශයේ  ස්ථානයක    දමා  ගොස් ඇත.   මේ වනවිට  එම  වෑන්රථය  සොයා ගත්බවත්,  මෙම  කප්පම්කරුවන්ගෙන්  එක්  අයෙක්  අත්අඩංගුවට  ගෙන  ඇති  අතර  තවත්  තිදෙනෙකු  අත්අඩංගුවට  ගැනීම  සඳහා  කටයුතු  යොදා  ඇති බවත්   කටාන  පොලීසියේ පොලිස්  පරීක්ෂක  සුදත් නිවුන්හැල්ල  මහතා  අප සමඟ  පැවසීය.