ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරමින් සාධාරණ මැතිවරණයක් ඉල්ලා සාමාකාමී විරෝධතාවයක නියලී සිටින හොංකොං පුරවැසියන්ගේ විරෝධතාවය හයවෙනි දිනයත් සමරනු ලැබුවා. මෙම විරෝධතාවය සාමකාමී මෙන්ම ඉතා දැකුම්කළු , හා අර්ථාන්විත සටන්පාඨ මෙන්ම සංස්කාතිකංග වලින් පිරුණ එකක්.හොංකොං වැසියන් තමන්ගේ විරෝධය සඳහා තමන්ගේ ශරීරය හා විලාසිතාවන් ද යොදා ගනිමින් සිටිනවා. මෙම අරගලයට කුඩ එකතුකර ගනිමින් ලෝකයේම අවධානය දිනාගත් හොංකොං වැසියන් කහපාට පටියක්ද දෑතේ බදිමින් ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් ඔවන් මනාපය සළකුණු කරම සිටීති. මේම විරෝධතාවයෙහි කෙතරම් සාමකාමී ලෙස හැසිරුණත් එරට පොලීසිය විසින් විරෝධතාකරුවන්ට කදුලු ගෑස් ප්රහාර එල්ල කළ අතර සමහර නගර වල විරෝධතාකරුවන් අත්අඩංගුවට ගනිමින් මෙන්ම තවත් තැන්වල හිංසනයන් සිදුවෙමින් ඇත.