අපේක්ෂිකාවකගේ නිවස පිටුපසින් අරක්කු බූලියක් මතුවෙයි ?

0
210
dc-Cover-44hqcmudc3o0ub1q6svlg99vp3-20160408072839.Medi
ඡායාරූපය ප්‍රවෘත්තියට අදාළ නොවේ. /උපුටනය අන්තර්ජලයෙන්

හලාවත වැල්ල ධීවර ගමිමානයේ නිවසක් පිටුපස භුගත බංකරයක සගවා තිබු නිති විරෝධි මත්පැන්  තොගයක් අද ( 18 දා )  උදේ සිදු කළ සෝදිසියක දී කාන්තාවක් සමඟ අත් අඩංගුවට ගත් බව හලාවත පොලිසිය පවසයි.
මෙවර හලාවත නගර සභාවට තරඟ වදින පොදු ජන  පෙරමුණු  කණ්ඩායමේ ලැයිස්තු ගත අපේක්ෂිකාවක් මෙම නිවසේ පදිංචිව සිටින අතර එම නිවසෙහි නිති විරෝධි මත්පැන් සිල්ලරට අලෙවි කරණ බවට ලද තොරතුරක් මත හලාවත පොලිසියේ පරිසර ඒකකයේ නිලධාරින් අද ( 18 දා ) අදේ එම නිවසට ගොස් නිවස හා අවට දැඩි ලෙසින් සෝදිසි කර ඇතත් සැකකටයුතු කිසිවක් සොයා ගැනීමට නොහැකි වු බවත් පොලිසිය කියයි.
පසුව නිලධාරින් නිවස පිටුපස මිදුල හා ඒ අසල තිබු වතුර ටැංකිය අසල කැණිම් කළ අවස්තාවෙි දි එහි ලෑලි දමා සකස් කර තිබු භුගත බංකරයක් හමුවි ඇති අතර ඒ තුළ ප්ලාස්ටික් බූලියක මෙම මත්පැන් බෝතල් 48 තිබී ඇත. . මෙම නිවසට කලින් දින ( 17 දා ) රාත්‍රි අලෙවිය පිණිස මත්පැන් බෝතල100ක් ගෙනා නමුත් පොලිසිය පැමිනිමට කලින් ඉන් 52 ක් අලෙවි කර ඇති බවට තොරතුරු ලද බවත් පොලිසිය පවසයි.
ඒ වන විට නිවසේ  සිටි වයස අවුරු 55 වයස කාන්තාවක් ද මත්පැන්
සමඟ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකාරිය අපේක්ෂිකාවකගේ නැන්දමිමා වන බවත් සියඵ දෙනා එකම නිවසේ වාසය කරන බව වාර්තා වේ.


ඔගස්ටින් ප්‍රනාන්දු   /හලාවත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here