අපේ අතිනුත් වැරදි වුනා -හිටපු ජනපති වෙන්නප්පුවේදි කියයි.

0
129

MR in wennඅපේ අතිනුත් වැරදි වුනා රටට ජනතාවට ඒ හොරකම් කරලා නාස්ති කරලා රට විනාශ කරලා නෙමෙයි වටේ හිටපු උන්ව අරක්ෂා කරපු නිසා උන්ගේ වැරදී පෙනි පෙනි ඒ අයට සමාව දීපු නිසා මීට පස්සේ ඒ දෙවල් වෙන්නේ නැ පසුගියකාලේ මේ අයට මාව නැතුවම බැරුව හිටියේ එත් අද වෙද්දි මේ අයට මාව මතකවත් නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි ඒ මහතා එලෙස ප්‍රකාශ කලේ රටට ත්‍රිවිධහමුදාවට සෙත්පතා වෙන්නප්පුව දුම්මලදෙණිය සුමනාරාම විහරස්ථානයේ ඉකුත් 22 පැවති මහා අශීර්වාද පුජාවෙන් පසුව රැස්ව සිටි ජනතාව අමතමිනි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් මෙසේ පැවසීය තිස්වසරක් පැවති ඒ සාපලත් යුද්ධය එක එක කාලයන්හි රට පාලනය කල නායකයන් සිටියත් ඒ කිසිවෙක්ට අවසන් කල නොහැකි දේ අපි අපේ පාලන කාලයේදි අවසන් කලා ඒ වෙනුවෙන් රටේ සියලුම දෙනා ලොකු කැපවීමක් කලා එත් අද වෙද්දි කුරුරු ප්‍රභාකරන්ට යුද්ධයෙන් දිනා ගත නොහැකිව තිබු දේ මේ යහපාලනය විසින් ලබා දෙමින් තිබීම ගැන තමන්නාන්සේලා දැනුවත් විය යුතුයි උතුරේ හමුදා කඳවුරු ඉවත් කරමින් සාම්පූර් නාවික කඳවුර ඉවත් කරමින් මේ ලැස්ති වෙන්නේ ඒ ප්‍රභාකරන්ගේ සිහිනය සැබැවක් කරන්න නොවේ නම් වෙන මොනවටද අද අපේ පුත්තු හමුදාවට බැඳුනු විදිය ගැන හොයනවා ඒකට වියදම් කරපු මුදල් ගැන හොයනවා තමුන්නාන්සේලාට මතක ඇති එක කාලේක හමුදාවට තරුණයෝ බැඳෙන්න ආවේ නැ අපිට යුද්ධයක් වෙනුවෙන් ලැස්ති වෙන්න නම් හමුදාවේ පිරිස් බලය වැඩි කරන්න ඔනේ වුනා ඔවුන්ගේ චිත්ත ශක්තිය වැඩි කරන්න ඔනේ වුනා ඒ ගැන හිතලා තමා මගේ පුතාව නාවික හමුදාවට යැවුවේ මටත් තිබුණා ඒ අයව පිටරටවල යවන්න නමුත් රටට සැබැ ලෙස ආදරය කරපු නායකයෙක් ලෙස මට එහෙම කරන්න පුලුවන් කමක් තිබුණේ නැ එදා එහෙම වැඩ කරපු මට තමා මේ අවලාද නගන්නේ අද හිටපු ආණ්ඩුවේ නායකයන්ව දවස ගානේ අල්ලස් කොමිසමට ගේනවා කරන ඇති දේකුත් නැ මේක දැන් රටටම විහිලුවක් වෙලා මිනිස්සුන්ට කියන්න වෙන දෙයක් නැති නිසා මේ යහපාලන අණ්ඩුව මේ කරන විහිලු වලට වැඩි ආයුෂ නැ සහෝදරවරුනි අපේ අගමැතිතුමා පිළිගත්තා මේ අල්ලස් කොමිසමේ ජනරාල්වරිය තමන්ගේ හිතවතියක් කියලා අනේ ඉතින් ඒ හිතවත්කම්වලට කරන වැඩ තමා තමුන්නාන්සේලා මේ පත්තර වලින් රූපවාහිනි වලින් හැමදාම දකින්නේ මේකද මේ ස්වාදීන කම අපේ පාලනකාලේදි අපි හිතවත්කම් වලට මේ වගේ පත්වීම් දුන්නේ නැ අපි ඔය මොනව කොමිසමටවත් බය නැ මොකද අපි ඉන්නේ ජනතා කොමිසමේ මේ ඉන්න ජනතාවගෙන් අපිට පේනවා ඒ ජනතා කොමිසමෙන් අපි නිදහස් කියලා
අපි මේ දෙවල් වලට සැලෙන්නේ නැ අපි හැමදාමත් පන්සල පල්ලිය කෝවිල ඇසුරේ ජීවත් වුන නිසා අපිට මේවා දරගන්න පුලුවන් මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලන්නෙත් දරුවන්ව පොඩි කාලේ ඉඳලම මේ වගේ ආගමික පසුබිමක හැදෙන්න දෙන්න එහෙම වුනාම ගැටළු ආවත් ඒවාට නොසැලි මුහුණ දෙන්න පුලුවන් ශක්තියක් ලැබෙනවා අද මේ යහපාලන ආණ්ඩුවේ පලිගැනිම් ඉදිරියේ අවලාද ඉදිරියේ මට කෙලින් ඉන්න ශක්තිය ලැබුණේත් ඒ නිසා තමා මෙම අශීර්වාද පුජාවට ස්වාමින් වහන්සේලා රැසක් හා ප්‍රදේශයේ දේශපාලන නායකයන් හා විශාල ජනතාවක් එක්ව සිටියහ
චන්දන ප්‍රනාන්දුmr in wenn 3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here