‘අපේ ආහාර සංස්කෘතියේ ප්‍රධාන ගැටළුව තිබෙන්නේ ගුණයට වඩා ප්‍රමාණයෙයි ? ’

0
497

indianමීගමුව ශාන්ත ජෝශප් පුද්ගලික රෝහලේ අධ්‍යක්ෂකවරයා වන වෛද්‍ය ආනන්ද පෙරේරා  සමගින් කළ සාකච්ඡාවකි.
……………………………………………………………………………………….
ඩයට් කරනවා කියන එකේ අර්ථය කුමක් ද

ඩයට්  කිරීම කියන  දේ   ප්‍රතිකාරමය වශයෙන්  විවිධ අවස්ථාවලට විවිධ රෝග වලට,සිදුකරනු ලබනවා.
දනට වෛද්‍ය විද්‍යාවේ පිළිගත්ත, වෛද්‍ය විශේෂඥයින් විසින් අනුමත කර තිබෙන ඩයට් වර්ග  13ක් පිළිබදව මම දත්ත සකසලා තිබෙනවා.
මෙඩිටේරිනියන් ඩයට්, එක . ඩෑෂ් ඩයට් එක. පෙෂර් එකට, ස්ටෙප් 1 ,ස්ටෙප් 2 ඩයට් කියන එක ක්ලෙස්ට්‍රෝල් වලට ඔය වගේ විශේෂ නම් තිබෙනවා.

පිට රටවලත් ‘ඩයට්’කියන එක ජනප්‍රිය දෙයක්.  ඒ නිසා ඒක  විශේෂ නම්  වලින් හඳුන්වනවා.
දැන් අපි ‘ඩයට් ක්ලීනික් එකෙන් මූළික වශයෙන් අදහස් කරන්නේ  බර වැඩි අයට බර අඩුකරගෙන යාම. එතකොට ඩයට් කියන ප්‍රතිකාර ක්‍රමයට යොමුවෙන රෝගීන්ගේ පරාසය පුළුල් කිරීමට තමයි ‘ඩයටින්’ කියන වචනය පාවිච්චි කරන්නේ. ඒකෙදී බර වැඩි අයගේ බර අඩුකිරීම එකක් විතරයි.
උදාහරණයක් ලෙස මේ ලඟදී රෝගීන් කීපදෙනෙක් පැමිණියා,  ඒ අයට ශල්‍යකර්ම කීපයකට  මහුණ දෙන්ඩ අවශ්‍යයි , ඒ නිසා ඉක්මණින් බර අඩුකර ගන්ඩ ඕනා කියාලා.  ඒ අවස්ථාවන් වලදී අපි  ඒ විශේෂ ඩයට් ක්‍රම ලියලා තියෙනවා.  ක්‍රමයෙන්  සාමාන්‍යයෙන්  සතියකට කිලෝ 3 ,4.  අඩුවෙනවා. නමුත් සාමාන්‍යෙයන් ඩයට් කරන විට වෛද්‍ය විශේෂඥවරුන්ගේ මතය වන්නේ සතියකට   කි.ග්‍රැ ½ සිට 1 දක්වා ප්‍රමාණයක් පමණ අඩුකළ යුතු බවයි.

ඩයට් කිරීමේ  ක්‍රමවේද  පිළිබදව පැහැදිලි කිරීමක් කළොත් ?

ඩයට් කිරීමේ ක්‍රම ගණනාවක්ම තිබෙනවා. ඉන් සමහරක් නම් ආහාර පාලනය, පෙතිවර්ග ගැනීම ,ශල්‍යකර්ම ආදියයි. මින් අපි ආහාර පාලනය ගැන  වැඩි අවධානයක්  යොමු කළ යුතුයි. ඊට පොදු හේතු තමයි  සියලූම වෛද්‍ය විශේෂඥයින් පිළිගන්නා  බර පාලනයේ ඉතාම පළදායී , ප්‍රායෝගික හා අතුරු ආබාධ වලින් තොර  එකම ක්‍රමය නම්  ආහාර පාලනය කිරීමයි.

ආහාර පාලනය යන්නෙන් අදහස් වන්නේ කුමක් ද?
ආහාර පාලනය කියන්නේ සුවදායී ආහාර වේලක් ගැනීමයි. ඒ කියන්නේ සෞඛ්‍යයට හිතකර ආහාර වේලක්. තවත් පැහැදිලි කලොත් කැලරි තුලිත ආහාර වේල්.තමන්ට එදිනෙදා ජීවිතයට අවශ්‍ය  කැලරි ප්‍රමාණය පමණක්  සපයන ආහාර වේලක්. සමබර ආහාර වේලක් කියන්නේ  සියලූම ආහාර වලින් සමන්විත ආහාර වේලක්. පළතරු , එළවලු, පාන් සහ පිෂ්ඨ අඩංගු ආහාර , තෙල් සහ මේද අඩංගු ආහාර,කිරි වර්ග හා මාංශජනක ආහාර වර්ගයි.  මිනිස් පෝෂණයේදී කැලරි සැපයීම කරනු  ලබන්නේ ආහාර වර්ග මගිනි.  සමබර ආහාර වේලකදී මේ සියලූඹ ආහාර මගින් ැලරි සැපයීම කළ යුතුවේ.
සමහර අයගේආහාර සැපයීමේ රටාවල මේ ආහාරයේ සමබර නොවීම පැහැදිලිය. නිදසුන් වශයෙන් කෙනෙක්  තම දෛනික කැලරි ප්‍රමාණය කිරි මගින් පමණක් සපයා ගන්නේ නම් එය සමබර ආහාර වේලක් නොවේ.

වර්තමානයේදී පුද්ලයන් ඩයට් කිරීමට පෙළඹෙන ප්‍රධන හේතු මොනවද?

ප්‍රධාන හේතු ගණනාවක් තියෙනවා. ඔබ කවුරුත් දනන පරිදි සිරුරේ මනා පෙනුම ලබාදීම  එක්  හේතුවක්. ඇත්තෙන්ම මෙහිදී පවා ඉතා  පැහැදිලිවම පෙනෙන මිත්‍යාවක් තිබෙනවා. බොහෝ දෙනා සිතන්නේ පෙනුම සකසා ගැනීම සදහා ආවත් ඔවුන් කියන්නේ බර අඩුකර ගන්ඩ ඕනා කියලයි. නමුත් ඔවුන් හා සංවාදයේ යෙදෙන විට   පැහැදිලි වන කරුණ තමයි මේ සියල්ලෝම ඉනේ වට ප්‍රමාණය සහ බරේ වැඩිවීම පටලවා ගන්නා බවයි. බරේ වැඩිවීම හා ඉනේ වටප්‍රමාණය වැඩිවීම කරුණු දෙකක්. බර අඩුවන විට ඉනේ වට ප්‍රමාණය අඩුවන බව ඇත්ත.එහෙත් ඉනේ බර ප්‍රමාණය අඩුකර ගැනීමේ එකම මග බඩ අඩුකරගැනීම පමණකක්ම නොවේ. මේ ගැන අප පසුව සාකච්ඡාවක් කරමු. ඩයට් කිරීම සදහා එන තව කරුනු මෙසෙ දැක්විය හැක.
දියවැඩියාව අධික රුධිර පීඩනය, කොලෙස්ට්‍රෝල් ප්‍රශ්න, ශල්‍යකර්ම වලට පෙර බර අඩුකරගැනීම සදහා (බර වැඩි අයගේ සංකූලතා ඉත වැඩියි) මේ නිසාම බොහෝ වෛද්‍යවරුන් ශල්‍යකර්ම වලට පෙර රෝගීන්ගේ බර අඩු කර ගැනීමට අවවාද දෙයි.

වර්තමානයේදී බෙහෝ අය ඩයට් කිරීමට පෙළඹෙනවා. මගේ ඩයට් කිලීනික් එක  මූලික වු‍ණේ රෝගීන්ගේ අවශ්‍යතා සඳහා තමයි ,  නමුත් දැන් ශරීරයේ තරබාරුකම අඩුකර ගැනීමටත් පුදගලයන් සායනයට යොමු වෙනවා.  ඒ වගේ අවස්ථා වල අපි මේ ඩයට් එක ලියලා දෙනවා.
ඩයට් කරනවා කියන්නේ කෑම අඩුකරනවා නෙමෙයි. කෑම නොකා ඉදලා බරඅඩුවීම කියන්නේ මන්ද පෝෂණය. කෑම නොකා හිටියොත් සාමාන්‍යයෙන් මන්ද පෝෂණය හැදෙනවා. ඩයට් කරද්දී ඒක කරන්නේ අනිත් පැත්තට.
මම දෙන කෑම වට්ටෝරුවක දවසකට ආහාර වේලවල්  05ක් තියෙනවා. ඔය 5 ම ගන්ඩත් ඕනා. පුලුවන් තරම් කෑම වැඩියෙන්  කාල තමයි ඇගේ බර අඩු කරන්ඩ ඕනා. ඇත්ත වශයෙන්ම වෙන්නේ ආහාරයේ ගුණාත්මක වෙනසක්. ඊටත් වඩා ප්‍රමාණාත්මක වෙනසකුත් සිදුවෙනවා.
දැන් බොහෝ විට ආහාර වල ප්‍රශ්නය තියෙන්නේ ගන්න  ආහාර ප්‍රමාණය පිළිබදවයි.
උදාහරණයකට දැන් අපි කියමු පීසා හට් එකක දෙන පෝෂන් එකක්  ගැන බැලුවොත් ඒකේ  තිබෙනවා දවස් දෙකකට  පමණ අවශ්‍ය  කැලරි ප්‍රමාණයක්.  ඒ වගේ වර්තමානයේ දී  අපේ  ආහාර වලට එකතු වෙන කැලරි ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා ,  ඉස්සර මිනිස්සු අනුභව කළාට වඩා.
ඒ කියන්නේ ගන්න ආහාර  ප්‍රමාණය  වැඩිවෙලා  වගේම  තෙල් අධික ප්‍රමාණයක් ගන්න නිසා කැලරි වැඩිවෙලා තිබෙනවා.
අපි කියනවා ඒකට කැලරි ඩෙන්සිටි  කියලා. ඒ කියන්නේ පොඩි ආහාර ප්‍රමාණයකින් වැඩි ශක්ති ප්‍රමාණයක් සමහර ආහාර වලින් ලැබීම. උදාහරණයක් ලෙස ගත්තොත් දැන් එළවලු පළතුරු වගේ ඒවා ගනිද්දී ඇඟට යන කැලරි ප්‍රමාණය සාපේක්ෂව කිරි වීදුරුවක් ගනිද්දී ඇඟට  ලැබෙන කැලරි ප්‍රමාණයට වඩා ගොඩාක් අඩුයි.

ආහාර සංස්කෘතියේ වෙනස් විය යුතු ගුණ මොනවාද?

දැන් මැක්ඩොනල්ඩ් එකකදී  අපි ගන්න  ආහාරයකදී අපේ බඩත් පිරිලා, හිතත් පිරෙනවා.
ඒ කියන්නේ අපට සුළු ආහාර පරිමාවක්  දීලා  වැඩි තෘප්තියක් ලැබෙන තෙල් වර්ග ,කිරි වර්ග දානවා. එතකොට මොකද වෙන්නේ අඩු පරිමාවකින්  ලොකු තෘප්තියක් ලැබෙනවා. වැඩි කැලරි ප්‍රමාණයක් ඇගට යනවා. ඕක තමයි දැනට ආහාර සංස්කෘතිය තුළ වෙලා තිබෙන වෙනස.
ගොඩාක් වෙලාවට අපි  ගන්න ආහාර පිළිවෙල කර ගැනීමේ ප්‍රශ්නයකුත් තිබෙනවා. මුං ඇට, කඩල ,වගේ දේවල් සකස් කර ගත යුතුයි.  ඩයට් කරන්ඩ එන අයගේ මූලික ප්‍රශ්නයක් තමයි  ඒ අය ගන්න අහාරයේ  ප්‍රමාණාත්මක ප්‍රශ්නයක් තිබීම. මේ ප්‍රමාණය වැඩියි කියලා ඒ අය දන්නේ නෑ.

අපේ ආහාර සංස්කෘතියේ සිදුවිය යුතු වෙනස්කම් ගැන ඔබ යෝජනා කරන දේ කුමක් ද ?

දැන් ලංකාවේ සාමාන්‍යයෙන් මහන්සි වෙන වැඩිහිටියෙකුට අවශ්‍ය බත් ප්‍රමාණය කෝප්ප භාගයයි. කෝප්ප භාගයක් කියන්නෙ මි.ලි. 150 ක  ප්‍රමාණයක්.  වැඩිම වුණොත් කෝප්පයක්. ඒ කියන්නේ මි.ලී. 300ක් අල්ලන ප්‍රමාණයට තමයි අපි කෝප්පයක් කියලා කියන්නේ.  සමහර අය ඒ වගේ දෙගුණයක් විතර කනවා. ඒක වැඩියි.
අනිත් එක සමහර අය දවසට දෙතුන් සැරයක් බත් කනවා. උදේටත් බත් දවල්ටත් බත්. රෑටත් බත්.
පාන් කනවා නම් අවශ්‍ය ප්‍රමාණය පාන් පෙති දෙකයි. නමුත් සාමාන්‍යයෙන් පාන් කන්ඩ ගත්තහම පෙති දෙකකින් නවතින්නේ නෑ.  ඉදිආප්ප නම් අවශ්‍ය ප්‍රමාණය 06යි. නමුත් සාමාන්‍යයෙන් ඉදිආප්ප 60ක් කන අයත් ඉන්නවා. මෙතන ආහාර ගන්න ප්‍රමාණයේ ප්‍රශ්නයක් තිබෙනවා.
ඊට අමතරව ගොඩාක් අය ගන්න එළවලු ප්‍රමාණය, පළතුරු ප්‍රමාණය ඉතාමත්ව සීමිතයි.

දැන්  කැන්සර් සොසයිටි එකෙන් කියලා තියෙනවා අපිට සාමාන්‍යෙයන් පිලිකා වර්ධනය අඩුකරගැනීමට නම් ආහාරයට එළවලු වර්ග අඩුම වශයෙන් 4ක් වැඩිම 6ක් වත් කන්ඩ ඕනා ඒ වගේම එළවලු වර්ග 8ක් විතර කනවා නම් හොදයි කියලා තියෙනවා.
එළවලු  ආහාරයට ගැනීමේදී  උදා, අලුකෙසෙල් නම් අඩු කොප්ප භාගයක්, පොලොස් නම් අඩු කෝප්ප භාගයක් විතර වට්ටක්කා කෝප්පයක් විතර තමයි වේලකට වැටෙන්න ඕනා. නමුත්  බොහෝ අය ආහාරය ගද්දී මේ ගැන කල්පනාවෙන් කන්නේ නෑ.
දැන් පළතුරුත් වේල් 3ක් වත්  වැටෙන්ඩ ඕනා. දවසකට ආන මාලු නම් ගඩි 3ක් වත් කන්ඩ ඕනා. ඔය වගේ පළතුරු වල අවශ්‍ය ප්‍රමාණයක් තිබෙනෙවා. ගස්ලබු ගෙඩියකින් භාගයක් වත් එක වේලකට වැටෙන්ඩ ඕනා. ඒ කියන්නේ දවසකට භාගේ ඒවා 3ක් වත් කන්ඩ ඕනා.
නිරෝගී වැඩිහිටියෙක් නම්.  ළමයින්ට නම්  අයට මේ ප්‍රමාණය වෙනස් වෙනවා. රෝගී අයෙක් නම් වෙනස් වෙනවා.

සමහර අය ක්ලිනික් එකට ආවහම කියනවා අපි නම් අඩුවෙන්ම තමා කන්නේ කියලා. නමුත්  වේල් ගණන බැලුවහම වේල් 15ක් විතර කනවා.   හැම තිස්සෙම පොඩ්ඩ පොඩ්ඩ  කන අය ඉන්නවානේ. ස්නැක් එකක්, ෂෝට් ඊට්ස් මොනවා හරි  කනවා. අපි හිතමු කෙනෙක්  ගමනක් හරි යන වෙලාවක මුරුක්කු පැකට් එකක් කනවා කියලා. ඒ මුරුක්කු පැකට් එකේ තියෙන  කැලරි ප්‍රමාණය ගැන එයාට හැගීමක් නැති නිසා ඒක කෑමක්  හෝ ආහාර වේලක් ලෙස දකින්නේ නෑ.  ඇත්ත වශයෙන්ම ඒක තෙලෙන් බැදලා තියෙන නිසා ඒකෙන් යන කැලරි ප්‍රමාණය ගොඩාක් වැඩියි. වඩයක් කෑවොත් එහෙමයි. ඒක ආහාර වේලක් ලෙස ගන්නේ නෑ.

ධීවර ප්‍රජාවේ බොහෝ විට තරබාරු පුද්ගලයන් සිටිනවා. ඒ සඳහා විශේෂ තත්ත්වයක් බලපා තිබෙනවා ද ?

ධීවර ප්‍රජාව තුළ දක්නට ලැබෙන තරබාරුකමයි, පෙරදිග රටවල දී දක්නට  ලැබෙන මහතයි ගොඩාක් වෙනස්. කෑම නොකා මහත් වෙන එක, ප්‍රවේනියටයි , පරිනාමයටයි සම්බන්ධ දෙයක්.  බටහිරඅයට කන්ඩ කෑම ගොඩාක් තියෙනවා, ඒ අය කෑම කාලා කාල මහත් වෙනවා. මේ වගේ රටවල පුද්ගලයන් ගැන මෙහෙම මතයක් තිබෙනවා. අම්මාගේ කුසේ ඉද්දීම  අඩු ආහාරමය තත්ත්වයකට, ගොදුරු වෙනවා. ආර්ථික හා සමාජමය තත්ත්වය ගොඩාක් අඩු නම්  ඒ ගොල්ලෝ කන කෑම වල ගුණාත්මක හා ප්‍රමාණාත්මකභාය අඩුනම් අම්මගේ කුස තුළ  හැදෙන කලලය හැදෙන්නේ අඩු ආහාර පරිසරයකට.
අඩු ආහාර ප්‍රමාණය  ලබාගෙන, ඒක පුලුවන් තරම් තැන්පත් කරගෙන ඉදලා, පොඩ්ඩ පොඩ්ඩ කන්ඩ ඕනා කියන ජීවී රටාවකට පුරුදු වෙනවා. මේ අය එළියට ඇවිත් ආහාර ගන්ඩ පටන් ගත්තහම වෙන්නේ  කන ප්‍රමාණය තැන්පත් කර ගන්න එක. හදිසියක්  වුණොත් අධික  සාගින්නකට. සාගතයකට මුහුණ දෙන්ඩ පරිණාමයෙන්ම මේ ගොල්ලන්ව පුරුදු කරනවා.
දියුණු වෙන රටවල තරබාරුකම විස්තර කරන්නේ එහෙමයි. ඉතින් ඒ නිසා ඒ අය තෙල් තැම්පත් කර ගැනීම පරිණාමයට අවශ්‍ය අංගයක් කියලා හිතාගෙන එහෙම දේවල් කරගෙන යනවා. ඒ නිසා මේ ගොල්ලෝ අතරේ ගොඩාක් මහත අය අපිට දකින්ඩ හම්භ වෙනවා.
ඉතින් මේ ගොල්ලන්ගේ තරබාරුකම ප්‍රතිකාර ක්‍රම මගින් අඩුකරන්ඩ අමාරුයි. බටහිරට වඩා.
ඊට අමතරව මේ අයගේ ජීවිත රටාව වැඩිපුර දියුණු වෙලා  වැඩිපුර කෑම කන්ඩ ගත්තොත් ප්‍රශ්නයක්. මොක ද අර පරිනාමයෙන් දෙන සපෝට් එකට වඩා   වැඩිපුරත් කෑම ගත්තහම ඒ අය  මහත් වෙලා තමයි පේන්නේ. ඒ නිසා ධීවර ප්‍රජාවගේ ඔය  ප්‍රශ්නය මම දකිනවා. බටහිර අයගේ තරබාරුකමට වඩා ගොඩාක්  වෙනස් ස්වභාවයෙන් අපිට දෙන මහතකමක් අපිට තිබෙනවා. මේ අය ජීවිත රටාව වෙනස් වුණොත් පළමුවෙන්ම කරන්නේ වැඩිපුර කෑම ගන්න එකනේ. ඒකත් එක හේතුවක්. එමෙන්ම
තරබාරුකම වගේම මන්ද පෝෂණයෙන් පෙළෙන තත්වයකුත් තිබෙනවා ධීවර ප්‍රජාව තුළ.
ඒයට අමතරව විටමින් ඌනතාවය වගේ දේවල් ගොඩාක් දකින්ඩ තියෙනවා. ඒක පෝෂනමය ප්‍රශ්නයක්.

මස් වලට වඩා මාලු , සමබල ආහාරයක් සදහා වෛද්‍යවරුන් අනුමත කරනවා. කිරි, එළවලු,
පළතුරු තමා වැඩි පෝෂණයක් දෙන ආහාර ලෙස ඔවුන් අනුමත කරන්නේ.

වෙජිටේරියන් ඩයට් කියන එකේදී වෙනත් රටවල අනුමත කරන ආහාර වලට ආදේශවන බොහෝ ආහාර අපේ රටේත් තිබෙනවා.  කඩල, කව්පි, මුංඇට, වෙරළු , තල , වැනි ආහාර අපට තිබෙනවා.
සකසා ගැනීමේ ගැටළුව නිසා තමයි බොහෝ අය කඩ කෑම වලට පුරුදු වෙලා තියෙන්නේ.

සාමාන්‍යයෙන්  ඩයට් කිරීමක් වෙනුවෙන් ඔබ යෝජනා කරන ක්‍රමවේදය කුමක්ද ?

අපි දෙනවා සුමානයකට ගන්ඩ ඕනා ආහාර වේලක් පිලිබද සටහනක්.
ඒක පුද්ගලයෙකුගේ උස වයස බර අනුව වෙනස් වෙනවා.  මේ ආහාර වට්ටෝරුව සුමානයක් ගන්ඩ කියනවා. සාමාන්‍යෙයන් මෙහෙමයි ඒ වට්ටෝරුව.  උදේට  පාන් පෙති දෙකයි, තේ කෝප්ප භාගයයි.
දවල්ට බත් කෝප්ප 1/2යි. මාලු කෝප්ප 1/2යි. පරිප්පු කෝප්ප 1/2යි.  කොහිල කෝප්ප 1/2යි. බීට්රූට්  1/2යි. ආනමාළු ගෙඩි 01යි. සවසට බනිස් 01යි. තේ කෝප්ප 1/2යි.
රාත්‍රී ආාහරයට , බත් කෝප්ප 1/2යි.  මුං ඇට කෝප්ප 1/4 , කොහිල කෝප්ප 1යි,බන්ඩක්කා කෝප්ප 01යි, ආනමාලු ගෙඩි 01යි.

මීගමුව ශාන්ත ජෝශප් පුද්ගලික රෝහලේ අධ්‍යක්ෂකවරයා වන වෛද්‍ය ආනන්ද පෙරේරා  සමගින් කළ සාකච්ඡාවකි.    

සටහන – කුමාරි ප්‍රනාන්දු