අපේ ඇමතිතුමා නම් පොළටත් එනවා

0
304

2013-07-29 18.44.47සදුදා  දින සවස වෙන්නප්පුව සති අන්ත පොළ ඇරඹේ.  හුඟ කාලයකින් මමත්  අද පොළට ගියෙමි.   කිසිදු වෙනසක් නැති පොළ එදා වාගේමය. ෆුඩ් සිටියකින් හොයාගන්ඩ බැරි දුර්ලභ පළා වර්ග ටිකක් ගන්නවා නම් ඉතින් පොළටම යන්ඩ ඕනා.  ඔහොම ඉතින් බඩු අරගෙන යද්දී මෙන්න මිල්රෝයි ප්‍රනාන්දු ඇමතිතුමත් පොළට ඇවිත්.  මම ඉතින් අයින් වුණා පස්සෙන් පිරිවරක්ම එනවා ඇති කියලා හිතලා. අනේ එහෙමත් නෑ, එක නිලධාරියෙක් විතරයි, එතුමාගේ පස්සෙන් ආවේ. ඇවිදගෙන බඩු  අරගෙන  ගියා අපේ ඇමතිතුමා. මම හිතුවා ඊළගට ලීෆ්ලට් බෙදන කට්ටියක් වත් පස්සෙන් එයිද දන්නේ නෑ කියලා. එහෙමත් නෑ, අපේ ඇමතිතුමා පොළේම තමයි ඇවිත් තියෙන්නේ. එතුමා නම් හරිම වාසනාවන්තයි. මොකද මේ විදිහට තමන්ගේ ගමේ නිදහසේ ඇවිදගෙන යන්ඩ තරම් වාතාරණයක් උදාකරගෙන තියෙන එක ගැන මගේ හිතෙත් උපන්නේ හරිම සතුටක්. මොකද ඉතින් අපිට මේ පාරවල් වල මැති ඇමතිවරු යනකොට උපදින්නේ හරිම හිරකිතයක්නේ.   පාරේ යන සාමාන්‍ය ජනතාවට කෝචෝක් කර කර වැඩ කිඩ දාලා , සමහර අවස්ථාවල මිනිස්සුන්වත් හප්පගෙන  නේ ඒ වාහන යන්නේ, පයින් ගියොත් කොහොම වෙයිද ? වාහන වල යද්දී එහෙම නම්.  ඉතින් එහෙම කාලෙක අපේ ගමේ ඉන්න ජේ්‍ය්ෂඨ ඇමතිවරයා මේ විදහට හරිම සාමාන්‍ය කෙනෙක්  විදහට හැසිරීම අපට නම් හරිම ආඩම්බරයක්.මේ දිනවල නම් බොහෝමයක් දේශපාලකයෝ පොළට එනවා. ඒ නම් ජන්දේ ලග හින්දා.
මගේ කතාවේ කතා නායකයා මිල්රෝයි ප්‍රනාන්දු ඇමතිතුමා වගේ ගමේදිවත් සාමාන්‍ය
විදිහට දේශපාලකයෝ හැසිරෙනවා නම් ඒක ඉතින් ඒ අයගේ ප්‍රශංසාවට මෙන්ම හොද සංස්කෘතියකුත් වෙනවා. අපේ මන්ත්‍රීතුමා පොළේදී වගේම තමයි ඉදාල හිටලා ෆිල්ම් හෝල් එකටත් එනවා. ඇත්තටම එතුමා නිදහස කියන එක විදිනවා.ඒ වගේම නිහතමානීයි. ඒ ගුණය අගය කළ යුතු නිසාමයි මේ සටහන තැබුවේ.


ජසින්තා නිර්මලී