අපේ ඉල්ලිමට යහපත් ප්‍රතිචාර ! ඩෙංගු වාට්ටුවල අවිවේකි කාර්ය මණ්ඩලයට සංග්‍රහ රැසක් !

0
154

Grand newකෑමක් කන්නවත් ඉස්පාසුවක් නැති ඩෙංගු වාට්ටුවල වෛද්‍යවරුන්,හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයට හැකි අයුරින් සංග්‍රහ කරන්නට අප කළ ඉල්ලිමට ඉතා යහපත් ප්‍රතිචාර දක්වමින් මීගමුවේ ආහාර ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් ගණනාවක්ම දැනටමත් ඉදිරිපත්ව සිටි.
ඒ මිපුර වෙබ් අඩවිය විසින් ඔවුන් වෙතින් කරන්නට යෙදුන ඉල්ලිමක් මුල්කොට ගෙනය.
මීගමුව රෝහල ඩෙංගු රෝගින් පිරුණු වාට්ටු 3 ක් 75 කට ආසන්න සමස්ථ කාර්ය මණ්ඩලයට කුසගිනි නිවාගන්නටත් ඉඩක් ගන්නට බැරි තරමට ලෙඩුන්ය.
නිදසුනක් ලෙස වාට්ටු අංක 04  රෝගින් ගණන 246 ක් වෙද්දි  එහි ඇති ඇදන් 61 කි. මුළු වාට්ටුව පුරාම බිම රෝගින්ය.

මේ ගැන අප කළ ඉල්ලිමට දැනටමත් යහපත් ප්‍රතිචාර ගණනවක් ලැබි තිබේ.
මෙහි පළමු පියවර ලෙස sasha ආයතනය විසින් කාර්ය මණ්ඩල සමාජික සාමාජිකාවන් 75 දෙනෙකු සදහා සංග්‍රයක් සුදානම් කර තිබුණි.ඔවුන් විසින් 2017/06/26 වනදා උදේවරුව සදහා 75 දෙනෙකු වෙනුවෙන් කෙටි ආහාර සුදානම් කර තිබුණි.
කැන්ටිම ගොස් කෙටි ආහාර වේලක් සමගින් තේ එකක් බොන්නට ඉඩක් නැති පසුබිමක මේ කෙටි ආහාර  සංග්‍රය අතිශය වැදගත්ය.
මේ අතර අද දිනයේ ( 2017/06/28) ග්‍රැන්ඩ් ආයතනය ,විසින් 100 දෙනෙකුට ප්‍රමාණවත් කෙටි ආහාර වර්ග සපයා දිමට කටයුතු කර තිබුණි .
HNB
මේ අතර මීගමුව හැටන් නැෂනල් බැංකු ශාඛාවද දින 10 ක් මෙසේ සංග්‍රහයන් සැපයිමට එකඟතාවය පළකර ඇතැයි වාර්තා විය.
රන්කා, කැල්ටන් ,චොයිස් යන ආයතනද දැනටමත්  ඉදිරි දිනවලදි මේ කටයුත්තට දායක වෙන්නට කැමැත්ත පළ කර තිබේ.
මිපුර අපේ ඉල්ලිමට යහපත් ප්‍රතිචාර දැක්වු  සැමට තතු ! මේ කටයුත්තට එක්වන ලෙස අප නගරයේ අන් අයටද ඇරයුම් කර සිටිමු.

Save

Save

Save

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here