අපේ කාලයේ වීරයෙක්

0
63

dr.Gayan

මේ ඉන්නෙ රාජාංගනය ප්‍රදේශීය රෝහලේ වෛද්‍ය ගයාන් දිල්රුක්. තම රෝහලේ ගිලන් රථ රියදුරු නිවාඩු ගොස් සිටි නිසා වෙනත් රියදුරෙකු යොදා ගිලන් රථය අනුරාධපුර ශික්ෂණ රෝහලට ගෙන ගොස් ජීවිත දෙකක් බේර ගන්න බය නැතිව තීරණයක් ගත්තෙ මේ වීරයා තමයි.

සාමාන්‍යයෙන් අපේ රටේ රජයේ සේවකයො භය නැතිව තීරණ ගන්නෙ හොරකම් කරන්න විතරයි. මහජන සේවයට තීන්දු ගැනීමේ දී පට්ට බයයි. ඒ වගේ සමාජයක මේ තරුණ වෛද්‍යවරයා රටටම වීරයෙක්. ඔහු බය නැතිව තීන්දු තීරණ අරන් මනුෂ්‍ය ජීවිත දෙකක් බේරා ගත්තා.

යම් හෙයකින් අන්ධ නීතියේ ක්‍රියාකාරීත්වය නිසා මේ තරුණ වීරයාට අබග්ගයක් වුවතොත් අපි සියළු දෙන්නා ඔහු වෙනුවෙන් පෙනී ඉන්න ඕන. මේ වීරයා රැක ගන්න ඕන.
(පිලිප් ශාන්තගේ මුහුණු පොතෙනි )