සමාජ මාධ්‍ය මේ වන විට අති තියුණු ලෙසින් සෑබෑ සමාජ ප්‍රශ්ණවලට කටහඩ දෙන්නට සමත්ව තිබේ. අද උදෑසනම ඇස ගැටුන එක් පෝස්ටුවක තිබුනේ අගනා වැකි කිපයකි.
නලින්ද ජානක ඒ සටහන තබා තිබුනේ මෙසේය.
කොරෝනාවෙන් එකක් ඔප්පු වුනා
උඹලගේ දරුවන් පාප්ප බාල්දි උස්සන් පස්සෙන් යනකොට
උන්ගේ දරුවන් පිටරටවල ඉන්න බව.
සැබැවින්ම අද රට හමුවේ ඇති කටුක සත්‍යය එයයි.
විමල් විරවංශගේ සිට නියෝජ්‍ය පොලිස් පති අජිත් රෝහණ දක්වා පරාසයක පැතිරුන දරුවන් පිටරටවල යන කථාව මේ කොරෝනා සමයේ සතිපතා පුවත් සිරස්තල මවන්නට තරම් එලියට පැන තිබේ.
මේ දිනවල ඇති අලුත්ම සංවාදය තුල සිටින්නේ අජිත් රෝහණය.
කොරෝනා ආරම්භයත් සමගින් ඒ සංවාදය පටන් ගත්තේ විමල් විරවංශ ගැන කතිකාවෙනි.
සියලු මැති ඇමැත්තන්ගේ (ආණ්ඩු පක්ෂ විපක්ෂ බේදයකින් තොරව ) දරුවන් ඉගෙන ගන්නේ පිටරටවලය.
එපමණක් නොව උසස් රාජ්‍ය නිළධාරින්ගේ දරුවන්ද එසේම බව දැන් හෙළිවෙමින් තිබේ.
ඒ අයව ඉහලට ඔසවා තබා ඒ දරුවන් පිටරටවලට යවන්නට මග එළි පෙහෙළි කළ දරුවන් තවමත් පාප්ප බාල්දු උස්සාගෙන රස්සාදුවේය.