“අපේ මිනිසුන් නැගී සිටියානම් නැගී සිටියේ අනෙකාට විරුද්ධවම පමණයි!” – මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය

0
59

(2019-08-07)sunanda 1

“පොලිසිය විසින් තමන්ට ලබා දුන් වධහිංසාවන්ට විරෝධය පාමින් 2010 වසරේදී ටියුනීසියාවේ තරුණයකු ගිණිතියාගෙන මැරුණා. ඉන් පසු මුළු අරාබියම ගිණි ගත්තා. ටියුනීසියාවේ ජනාධිපතිට ගෙදර යන්න වූණා වගේම ඊජිප්තුවේ ජානාධිපතිටත් ගෙදර යන්න වූනා. ලිබියාවත්, සිරියාවත් විනාශ වෙලා ගියා. එවැනි කුඩා ගිනි පුපුරු වලින් සමාජයන් ඇවිලිලා තියෙනවා.

නමුත් අපේ සමාජය පසුගිය කාලය පුරාවටම අවදි වුනානම්, ඒ තමන් වෙනුවෙන් නොව අනෙකාට විරුද්ධවම පමණයි. මෙම සමාජය අනෙකාට විරුද්ධව ලෙහෙසියෙන්ම නැගිට්ටවන්න පුළුවන්.”a2b6182313c466ae79889e117a51106b

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා ඒ අදහස් පලකලේ ඊයේ (07) පැවති “ජෙරාඩ් මර්වින් පෙරේරා සිද්ධිය හා ලංකාවේ නීති ක්‍රමයේ ඛේදවාචකය” මැයෙන් වූ මහජන මන්ත්‍රණ සභාව අමතමිනි. එය 2003 වසරේ වත්තල පොලිසිය විසින් ඝාතනය කල ජෙරාඩ් මර්වින් පෙරේරාගේ වධහිංසා නඩුවට අවුරුදු 16ක කාලයට පසු ප්‍රමාද වී ලැබුනු යුක්තිය පිළිබඳව සහ අධිකරණයන්හි නඩු ප්‍රමාදය පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබුණි.

එම අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්…