අපේ සිංදු පාටිය …..

0
735
11267631_10153246486681014_2015227102_n‘‘සුළගේ ලෙලෙනා – මල සේ දඟ පා අප පාසැල් ගිය කාලයේ….’’ එදා පාසැලේ මුඵ දවස පුරාම පළමු මහලයේ කෝරිඩොවේ දිගට දණ ගසාගෙන ඉන්න සිද්ධවුනේ ගුරුවරයෙකු පන්තියට නොපැමිණී කාළසීමාවේදි  (පීරියඞ් එකේදී)  පන්තියේ ඩෙස්වලට තට්ටු කරමින් සින්දු කීමේ වරදට දඩුවමක් ලෙසය. 1981 අපොස උසස්පෙළ වාණිජ විෂයන් හදාරමින් සිටි සියඵ දෙනාම මේසේ එක පේලියකට දණගසාගෙන සිටියද හැමදෙනාම සින්දු කීවේ නැත.
හදිස්සියේම පන්තිය වෙතට පැමිණි විදුහල්පති පියතුමා,
‘‘කව්ද සින්දු කිව්වේ, මේක බජව් මඩුවක් කියලා හිතුවද? කව්ද සින්දු කිව්වෙ?’’ යැයි ගොරහැඩි කටහඩින් යුතුව විමසුවාම සියල්ලෝම මුනිවත රකිමින් එකිනෙකාගේ මුහුණවල් බලාගත්තා මිස කිසිවෙකු එකදු වචනයක් හෝ කතා කළේ  නැත. විදුහල්පති පියතුමාට අසුහාරදහට කෙන්ති ගියේ ඒ නිසාය.
අපි සුඵ පිරිසක් කළ ඒ සුන්දර වරදට සාමුහීකව සියල්ලෝම දඩුවම් වින්දහ.
මොහිදින් බෙග් ගේ ‘‘තනිවයි උපන්නේ – තනිවයි මැරෙන්නේ…’’ කතාව අපේ පන්තියට වලංගු වුයේ නැත.
නිහාල් නෙල්සන්ගේ ‘‘මේක බජව් දාන කාමරේ ’’බවට පත්වු අපේ පන්තිය තවත් සැනෙකින් අමරදේවයන්ගේ ‘‘අඩවන්දෙනෙතින් ගලනා -මෙත් මුදිතා කරුණා ධාරා ’’ ගලා උතුරා යන භාවනා මන්දිරයක් බවට පත්විය
වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වු පාරසයක් තුළ අප පන්තියේ සගයින්ගේ රසවින්දනය විහීදි තිබුණි.
අපට සිමා තිබුණේ නැත.  මිගමුව ශාන්ත මරියා මහ විදුහලේ 1981 උසස්පෙළ වාණිජ පන්තියේ අප සැබවින්ම ඉතා සුන්දර ශිෂ්‍ය කණ්ඩායමක් බව කියන්නේ මහා විවිධත්වයක් තුළ අවශ්‍ය මොහොතෙදි එකගත්වයකට පැමිණිමට අපට හැකි වු නිසාය.
1981 අගෝස්තු 10 දින විභාගයෙන් පළමු ප්‍රශ්න පත‍්‍තරයට පිළිතුරු ලිවිමට තිබුනි. අගෝස්තු මාසයේ නිවාඩුව ආරම්භ වුයේ 07 වෙනි සිකුරාදාය. ඒ අප පාසලේ ශිෂ්‍ය කණණ්ඩායමක් ලෙස ගත කළ අවසාන දිනයයි. එදා පාසලට පැමිණි සිටි අපේ පන්තියේ අඩකට වැඩි පිරිසක් විවේක කාළයේදි පාසලෙන් හොරෙන් පිට වි මිගමුව කිංගස් සිනමා ශාලාවේ ගාමිණි ෆොන්සෙකාගේ ‘‘සාගරයක් මැද’’ චිත්‍රපටය නැරඹුවේ මේ අපුර්වත්වය නිසාය.
අද දරුවන්ට මෙන් විභාග පන්තියක් අපේ එදා තිබුනේ නැත.
‘‘ශිල්ප උගන්නෙමු නැවත ලබාගන්නෙමු දෙපාවාරු නැත ඹබ හැරයන්නට’’ සෝමතිලක ජයමහා තවත් ප්‍රවීණ ගායිකාවක් සමග එසේ ගැයුවද යම් දිනක පාසල හැර යා යුතු බව අපි ඉතා හොදින් දැන සිටියෙමු. අමරදේවයන්ගේ ‘‘ඉපිද මැරේ යලි ඉපදේ නොතිර සසර සාගරේ’’ ගැන අපට හොඳ අවබොදයක් තිබුණ.
ඒ නිසා ඔය කියන තරම් පාසල හැරයාමේ මහා දුකක් අපට නම් දැනුනේ නැත.
පාසල දිවිය නිමාවිය අපි එතෙර -මෙතෙර විසිර ගියේමු.
මම උසස්පෙළ හොඳින් සමත් වු නිසා වාණිජවේදි උපාධිය හැදැරිමට  1982 මැද භාගයේදි නවක සිසුවෙකු ලෙස කැළණිය සරසවියට ඇතුල් වුණෙමු.
‘‘එපා ඔටුනු මගේ සිරසට – එපා සිහසුනක් හිදිනට සිනාසිසි මම එන මග හිදිනු මැනේ
පුතේ කියා මා අමතන් පියාණෙනි…..!’’
පෙෂලා මෙන්ඩිස් ගයන ‘‘මිදුලෙ වැලි මාලිගාවේ’’ ගිතයේ අවසාන කොටසින් මම ගයනා කීරිමට පටන් ගත්තේ කියාපිය සින්දුවක් යනු ජෙෂ්ඨ උත්තමයකුගේ රාජකීය අනට කීකරු වු බලුකුක්කකු මෙනි.
මේ ගිතය – ගායනා කරනනේ කව්දැයි ඒ ජේ්‍ය්ෂඨ උත්තමයා දැන සිටියේ නැත.
නවක සිසුවෙකු ලෙස නවක වදයේ සො`දුරු ගොදුරක් වී බොහෝ ජේ‍්‍යෂ්ඨ උත්තම – උත්තමාවියන්ගේ දරුණු වදයන්ගෙන් ගැලවී යාමට මට හැකිවුයේ කිසියම් නිශ්චිත ගතියකට සහ කාලයකට අනුව ගීත ගායනා කීරිමට මට යම් හැකියාවක් තිබු නිසාය.  82-86 බාහිරවේදි උපාධිය හැදෑරු අපේ කණ්ඩයාමේ (අපේ ඇත්තො 82-86) තුළ සිටියේද සින්දු පිස්සෝ ටිකකී. දේශණයක් නොමැති  ඕනෑම අවස්ථාවකදී සරසවියේ ආපනශාලාව දෙසින් හෝ සරසවි උයනේ ගසක් යට බංකුවක් දෙසින් සින්දුවක් හඩක් නොැසුනේ නම් ඒ කලාතුරකිනි.
සුනිල් එදිරිසිංහගේ  ‘‘සන්තාප මාවතේ – සංවේදනා මැදුරේ , සංවේගයෙන් දන්වා සිටිමි.
වෙන්විම මා ඇගෙන් … ’’ සින්දුව විටින් විට අපේ හඩින් ඇසුනත් එවැනි වේදනාකාරී අත්දැකිම් නම් අපට තිබුණේ නැත.
‘‘දු අනුරාධා දු අනුරාධා’’ සනත් නන්දසිරිගේ ගිතය අවසාන වන විටම ඒ තනුවටම ගැයෙන ‘‘බස් එක ටාටා-ඇන්ජිම ටාටා ’’ මුඵ සරසවිය පුරාම රැව් දුන්නේය.
පමාවේ වී සිටිනට වේලාවක් තිබුණේ නැත. මක්නිසාදයත් කාලය සැනකින් ඉගිලි ගියේය.
‘‘සරසවියේදි අද විතරයි – හමුවන්නේ කිමද සො`දුර නෙතු කඳුලැලි පුරවන්නේ’’ දයාරත්තන රනතුන්ගේ ගිතය ගයනා කරන දවස් උදාවිය.
උපාධියද දැතට අරන් අපි සමාජයට පිවිසුනේ විවිධ රැුකියා ස්ථාන වලට ඇතුල් වන අතරතුරය
එහේත් මේ සින්දු පිස්සුව නම් අපෙන් ඇත්වුයේ් නැත.
රැුකියාව කරන ස්ථානයේ විවිධ වැඩසටහන් වලදි වෘත්තිය සහයත් සමග විවේකි කාලය ගතවුයේ ගිතයත් සමගය.ි
‘‘මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි- මේ නගරය මා ඔබ වෙන්කෙරුනු නගරයයි’’
නිතර නිතර අප මුවගට නැගුනේ සරසවියේ සුන්දර මතකය අලුත් කිරිමට සිත ඇතුලේ තිබු උවමනාව නිසාම විය යුතුය.
පේ‍්‍රම කිර්ති ද අල්විස් ලියු මේ සින්දුව මර්වින් පෙරේරා ගයනා කෙරුවේ කැම්පස් එකේ බුට් ගහපු පොරක් වෙනුවෙන් උනත් අපිත් හුගදෙනෙක් කාට කාටත් හොරෙන් ඇනගත්තු නිසා මේ සින්දුව බොහෝ දෙනෙකුගේ තේමා ගිතය  වි තිබුණි.
මේ සින්දු පිස්සුවේ සුවිශේෂි අවසථාව උදාවන්නේ උදැසන සහ සවසට දුම්රියෙන් ගමන් ගන්නා කාලය තුළය අපේ දුම්රිය මැදිරිය සැබවින්ම ‘‘සින්දු කාමරයක්’’ විය. ඇයි අද සින්දු කියන්නේ නැතිද ?
කෙනෙකු විමසන්නට සැරසෙන විටදිම ප‍්‍රියා සුරියසේනගේ ‘‘මගේ ලමැද සුව යහනක් -ඔබට  තනා දෙන්න කියා ’’ සින්දුව මැදිරිය තුලින් මතුවේ.
සියල්ලගේම අමානන්දයට පත්වන්නේ මේ ලමැද කාගේදැයි සොයන අතරතුරේය. හෙන්රි කල්දේරාගේ ‘‘ඔබ තාම නෑ දයාවියේ මට ආදරේයි කියා’’ සින්දුව කියන විට බොහෝ යෞවනියෝ හොරැුහින්  අපදෙස බලනනේ මෙය මේ අහන්නේ මගේන්දැයි යන පැනය තමන්ගේ දෙනෙත තුළ රන්`දවාගෙනය.
ගුණදාස කපුගේ සහ නන්දා මාලනි එකට ගයන ’’බිරිඳ මගේ නුඹ ….නෑ මා ඹබගේ බිරිඳ නොවේ’’
ඇසෙන විට බොහෝ විවාහක පුරුෂයෝ සහ කාන්තාවෝ මුහුණ ඇඹුල් කර ගන්නේ අපේ ගෙදර තියේන ප‍්‍රශ්ණ මෙයාලා දැන ගන්නේ කොහොමද? යන ප‍්‍රශ්නය තමන්ගෙන්ම විමසන ගමන්ය.
එච්. ආර් ජොතිපාලගේ ‘‘මල් පිබිදෙන එක වසන්ත සමයක ඹබ හමුවි’’ තිබුනත් ඇම්. ඇස්. ප‍්‍රනාන්දු ගයනා කරන ආකාරයට ‘‘ඹබට තිබෙන ආදරේ මගේ කියාලා දෙන්න ගසක තිබෙන තල් කොළ මදි’’ වුනේය.
මිල්ටන් මල්ලවාආරච්චි පැවසුවේ ‘‘මේ මැයි ගහයට දවසක් දා -වැස්සට අපි හිටියා’’  උනත් සුජාතා අත්තනායක ‘‘හතර වටින් ක`ඵ කරගෙන වහින වේලාවේ මුවාවෙන්න’’ තැනක් නැතිව කාගෙන්දෝ් කුඩයක් යටින් ගෙදර ගියා කිවාය. වික්ටර් රත්නායක කිව්වේ ‘‘රූකඩ මඩු යහන් පොලේ කෝල නුබේ සිතට ලොලේ ආල පිරු මා ගැන දැන් නැද්ද නිනව්වක්’’ නැති බවයි. එහෙත් රූකාන්ත ගුණතිලකගේ නන්නත්තාර යෞවනයේ තේමා ගිතය වු ‘‘සුවඳ දැනි දැනි දැනේනවා’’ කියන්නට තරම් බොහෝ මතකයන් තවමත් අප ල`ග ඇත.
මාලනි බුලත්සිංහලගේ ‘‘හිමි නැති පෙමකට ඉකි බිඳ හැඩුමට’’ බොහෝදෙනෙකුගේ හදවත් බොලඳවී තිබු බව සැබෑය.
එඞ්වඞ් ජයකොඩිගේ ‘‘වසන්තයේ අපි හමුවෙමු සොඳුරියේ’’ කීමද සුනිල් එදිරිසිංහ පවසන පරිදි ‘‘හි`දිවි කොතැනක හෝ හිමිකාරයා ඔබේ හදේ නමින්’’ යයි තවමත් බොහෝ දෙනෙකුට පවසන්නට අපට සිදුව ඇත.
පැය එකහාමරක -දෙකක දුම්රිය ගමන් කාලය සැබෑ රසවත් ගීත සාදයක්ම විය.
මේ නිසාම අප ගමන් ගන්නා දුම්රිය මැදිරිය දිනෙන් දින මගීන්ගේ පිරි ඉතිරි යන්නට වුයේ අපේ සින්දු හැමදෙනාටම කිසියම් සුන්දර වින්දනයක් ගෙන ආ නිසාය කොල කැබිලිවල විවිධ ගිත ලියාගෙන එන මගින් එවා ගයනා කරන්නැයි කියු අවස්ථා බොහෝය.
දුම්රිය සින්දුව දෙකක් නොව එකක්ම විය.
202 වසරේ මැද භාගයේදි කිසියම් දෛවෝපගත හේතුවක් නිසා මට රැුකියාවෙන් අතර මගදි නතර විමට සිදුවිය. ඒ සමගම මේ සුන්දර සින්දුවද අපේ මැදිරියෙන් ඇත් වි ගියේය.
එය අපේ දුම්රියේ ගමන් ගත් මිතුරු මිතුරියන්ට සහ ගමන් සගයින්ට පමණක් නොව බොහෝ දෙනෙකුට මැදිරිය තුළ කිසියම් හිස් බවක් අත්දැකිමට හේතුවක් විය    .
මට බොහෝ දෙනෙකුව මුණ ගැසුනේ නැත. ඒ නිසාම ඔවුන් සමග සින්දුවක් කියන්නට අවස්ථාවක් උදාවුයේ නැත.
අපට සින්දුවක් කියන්න – අපට සින්දුවක් අහන්න  ඕනැකම තිබුනත් , එහෙම සින්දුවක් කියන්න කෙනෙක් සිටියේ නැතිවාසේ විය.
හිස් බව දිනෙන් දින වැඩිවුවා මිස අඩුවුයේ නැත
එහෙත් මේ හිස්බවට අවම වශයෙන් තාවකාලික හෝ තිතක් තැබිය යුතුය.
පාසලේ දී සරසවියේදි රැුකියාව කළ ස්ථානයේ දී සහ දුම්රියේදි අප හා එක්ව සින්දු කියු ඒ නිසාම අපගේ ලෙන්ගතු ස`ගයන් බවට පත් වු සිය`ඵදෙනාවම එකතු කළ යුතු බවට අපි තරයේ අදිටන් කර ගත්තෙමු.
අප සින්දු පාටිය ඒ උත්සාහයේ ප‍්‍රතිඵලයකි.
අපේ සින්දු පාටියේ පැහැදිලි අරමුණු කිහිපයක් තිබේ.
1. වසර ගණනකට පෙර එකට බැඳි සිටි මිතුරු – මිතුරියන්ට නැවත එක තැනකදි අවම වශයෙන කෙටි කාලයක් සඳහා හෝ හමුවිමට අවශ්ථාව උදාකරදිම.
2. පාසලේ දී , සරසවියෙදි, රැුකියාවේ සහ දුම්රියේදී සින්දුව නිසා ගොඩනැගුණු ඒ සොඳුරු බව සහ පරිසරය නැවත ප‍්‍රතිනිර්මාණය කිරිම
3. ගිලිහි ගිය මිතුදම් නැවත අලුත් කර ගැනිමට අපේ පාසල් ,සරසවි, රැුකියාවේ සහ දුම්රියේ ස`ගයින්ට අවශ්ථාවක් ලබා දිම
 ‘‘අපි ආයෙත් හමු නොවුනානම් ඉස්සර දවසක මියගිය සෙනෙහස , යලි ඉපදී මා හද හ`ඩවන්නට අපි ආයෙත් හමු නොවුනානම් ….  ’’
සෝමතිලක ජයමහ ඒසේ ගැයුවේ දරාගන්න බැරි බුට් පාරක් වැදුණු නිසා බව අපි දනිමු.
අනේ ඉතින් අපිට ඒ වගේ ප‍්‍රශ්න නැත …
‘‘කඳුලත් සුසුමත් හදින් ගලන තුරු එකමුතුවී අපි ඉමු මිතුරේ ….
එන්න අපේ ප‍්‍රිය මිතුරේ …’’යි ලෝකයටම ඇසෙන් පරිදි හ`ඩ නගා පවසන්නටනම් බොහෝ දේ අපට ඇත.
2012 සැතැ. 13වෙනි සෙනසුරාදා අපේ සින්දු පාටියේ පළමු පියවර තැබුවෙමු . එය සිදුවුයේ මෙසේය. ඉතා පරිස්සමින් තොරාගත් සින්දු 15කට ආසන්න සංඛාවක් ඇතුලත් කර අපි සින්දු පොතක් නිර්මාණය කෙරුවෙමු. එය රු500/-ට මිලදි ගන්නා අපේ පාසලේ ,සරසවියේ ,රැුකියා ස්ථානයේ සහ විශේෂයෙන්ම දුම්රියේදි හමු වු මිතුරු මිතුරියන් 2012 සැතැ. 13 වෙනිදා මීගමුව, කුරණ, කටුනායක ශඵක්‍් හෝටලයට එකතු වී එහි ප‍්‍රධාන ශාලාවේ එකිනෙක කණ්ඩායම් සඳහා වෙන්කර තිබු මේස වටා වාඩිවන්නේ තමන්ට වසර ගනනාවක් තිස්සේ හමු නොවු මිතුරු – මිතුරියන් මුණ ගැසිමටය. එය එසේම සිදුවිය, ඔවුහු බොහේ දෙනෙක් පැමිණ සිටියහ.
‘‘අපි කතා නොකර ඉමු එක මොහොතක්’’ කවුරුත් එසේ කිවේ නැත. සියල්ලෝම කතා කරන්නට පටන් ගත්හ. එහෙත් තනි තනිව කතා කරනවාට වඩා සියල්ලෝම එකට එකතුව සින්දු කියන විට අපි නොදැනුවත්ම අපිව නැවතත් අපේම ඒ සුන්දර අතීතයට අපිව රැුගෙන යන්නට විය.
අපි සින්දු කිව්වෙමු, සින්දු පොතේ පිටු අතරේ ඇති සින්දු අපි එකිනෙක කිව්වෙමු.
සංගිත කණ්ඩායම සංගිතය සපයයි.
එය සැබෑ සොඳුරු අත්දැකීමකි.
සුනිල් එදිරිසිංහගේ ‘‘දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ – ලොවක පිදුම් ලද’’ සින්දුවෙන් ආරම්භ වන අපේ සිංදු පාටිය , අතිශයින්ම සුන්දර ගිත ප‍්‍රසංගයක් බවට පත් වේ.
එච්. ආර් ජොතිපාලගෙ සහ සුජාතා අත්තනායකගේ ‘‘මාගේ මතකේ ඔබේ රුව ඇඳෙන්නට පටන් ගනියි’’
මිල්ටන් මල්ලවආරච්චි ‘‘තනිවි සිටින්නයි මා අදහස් කලේ’’ කියා කියයි.
ඒ සියල්ල කියන්නේ අපය. ආරාධානා කල ගායකයෙක් නැත.
ගායකයෝද පේ‍්‍රක්ෂකයෝද අපමය. ‘‘රතු පාට මල් – මට තාම මතකයි-
ගුරු පාර සරසන්න ලස්සනට මල් පිපිණු මල් පවන මට තාම මතකයි..’’
අතීතය මතක් කරමින් ජිවිතයේ ඒ සො\ුරු බව ජිවමානව අත්දකින්නට
අපේ සින්දු පාටිය අපට අවස්ථාව උදාකර දෙයි… !
අපේ සින්දු පාටියේ දෙවන පියවර 2013 සැතැ. මාසයේදි නැවතත් එම ස්ථානයේදිම පැවැත්වුණි. නොවැලැක්විය හැකි හේතුවක් නිසා 2014 අපේ සින්දු පාටිය සංවිධානය වුයේ නැත.
එහෙත් අපේ සිංදු පාටිය 2015 සැතැම්බර් 19 වෙනි සෙනසුරාදා ,මීගමුව මුන්නක්කරය අලියාපොල ශාලාවේදි නියත වශයෙන් පැවැත්වෙනු ඇත.
‘‘මේ ගී කාටදැයි  මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති…. !’’
ඔව් මක් නිසාද ‘‘මේ ගී එදා ඔබේ හදින් මා ඇසු රාවයි, මා ඇසු රාවයි…’’
පාසැලේදී , සරසවියේදී , රැුකියාවෙදි හා දුම්රියෙදි ගත කළ ඒ සොඳුරු ජිවිතය අපේ සින්දු පාටියේදි යලිත් මතක් කර ගනිමු.
අරුණ ශාන්ත නොනිස්
:(සෙන්තප්පාඩුව , පමුණුගම තරුණ ක‍්‍රිස්තියාන් සංගමය (*අපේ සින්දු පාටිය සමබන්දිකර්ණය කොට සංවිධානය කරයි. )