අප ජලය මුදා හැර පාර අපායක් කරන දෙනිය පාරේ ඇත්තෝ…..

0
265

 

IMG-20201122-WA0004IMG-20201122-WA0005IMG-20201122-WA0008( 1. 10 pm ) මීගමුව, දළුපත, දෙනියපාර එක් කොටසක් පහත් බිම් පෙදසකි. පිල්ලෑව පාර, දළුපත දේවස්ථානය සහ එක් පැත්තකින් මීගමුව ඩිපෝවටද මෙම දෙනියපාර සම්බන්ධවේ. ඉහත කී පහත් බිම සම්බන්ධ වන තැන නිතර අප ජලය නිසා අපිරිසිදු වන අතර මෙම පාරේ ගමන් කරන්නන්ට එය මගහැර යා නොහැක. වරින් වර ගෙනැවිත් දමන කුනු කසල නිසා මෙම ස්ථානයේ ඉවසා ගත නොහැකි දුර්ගන්ධයක්ද වහනයවේ. අවට සමහර අය විසින් බට දමා තමන්ගේ නිවෙස් වල ඇති අප ජලය පාරට බැහැර කරති.

දෙනියපාරේ පවතින මෙකී ගැටළුව පිළිබඳව මීට පෙරද අපගේ වෙබ් අඩවියේ ලිපි පළකර ඇත. එසේම මෙම පාර ප්‍රතිසංස්කරණය කිරීම දේශපාලකයින්ගේ පොරොන්දු ලැයිස්තුවේ නිතර සඳහන් වන්නකි. නමුත් තවමත් වගකිව යතුඅය නිහඬව සිටින අතර ජනතාව මෙම අපිරිසිදු පරිසරය නිසා ලෙඩරෝග වලට පාත්‍රවන බව අවට සිටින ප්‍රදේශවාසීන් පවසති.
මේ අනුව ජනතාව විසින් සිදුකරන වැරදි මෙන්ම බලධාරීන්ගේ නොසැළකිල්ලද මෙම ප්‍රශ්ණ විසඳීමට බාධාවක් ලෙස පවතින බව කිව යුතුය.

මෙය මීගමුවේ පවතින කානු සහ අප ජලය බැහැර කිරීමේ පොදු ප්‍රශ්ණය පිළිබඳව දැක්විය හැකි තවත් උදාහරණයකි. නමුත් පසුගිය කාලයේ තනි නිවාසයටත් පාරක් ලබාදුන් බව කව්රුත් දන්නා කාරණයකි.
එසේ වුවද මෙය නිතර ජනයා යන එන පාරක් වන බැවින්, අවට නිවැසියන් මෙන්ම වගකිවයුත්තන් ද තමන්ගේ කාර්‍යභාරය හඳුනාගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍යවේ.
ඒ නිසා මේ සඳහා මැදිහත්වී යම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ප්‍රධාන වගකිවයුත්තා වන මීගමු නගරසභාවේ බලධාරීන්ට අප අවධාරණය කර කියා සිටිමු.
සටහන-ඡායා -සැම්සන් ඥානසිරි