මිනිස්සු නිතරම තමන්ගේ කාරිය පමණක් ඉටුකර ගැනීම උදෙසා සතුන්ටත් අන්ත ලෙස කටයුතු කරන බව අපි දනිමු. මෙහිදී දෙනියපාර තුළින්ද එය මනාව පැහැදිළිවේ. කිසිදු වගවිභාගයක් නැතිව තමන්ගේ අවශ්‍යතාවය පමණක් සිතා වැසිකිළි බට පාරට දන්නේත්, එකතුවන කසළ මෙම ස්ථානයේ අතහැර දමා යන්නේත් එනිසාය. නමුත් ප්‍රශ්ණය වන්නේ කිසිදු වගකිව යුත්තෙක්ද මේ පිළිබඳව දැනුවත් නොවීමයි. එමෙන්ම පාර අවට වසන ජනතාව වුවද මෙම තත්වය දෙස අවධානය යොමු කරන්නේ ඇල්මැරුණු ගතියකින් බව පෙනේ. කෙසේ වුවත් යම් හැඟීමක් ඇති අයෙකු අපවෙත මේ ගැන දැනුම්දීම පිළිබඳව ස්තුති කළයුතුය.