අබිලිං මාමා සමුගනී.

0
1146

අබිලින්චන්ද්‍රසිරි කොඩිතුවක්කු නොහොත් අබිලිං මාමා මහා රංගධරයෙකු නොවේ.. ඔහු රගපෑ අතලොස්සක් වූ වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය අතරින් ජනප්‍රිය වූයේ (වසර 20කට පමණ පෙර මෙය ඉතා ජනප්‍රිය මාලා නාටකයකි) කෝපි කඩේ පමණි… එයට අපි කෝපි ලඩේ කියන්න ගත්තේ පහුගිය කාලයේ එය දේශපාලකයන්ට කඩේ යන්න වුණ නිසාය. අබිලිං මාමා මට පොට්ටහැරී චිත්‍රපට වල ඉන්නා ඊයේ පෙරේදා මියෑදුණු මායාකාර ගුරුවරයාට වඩා බොහෝ සෙයින් වටී. ඔහු රගපෑවේ රටේ සාමාන්‍ය ගමක ඉන්නා ගැමි චරිතයකි. එය යථාර්ථය ඉතා ආසන්නය. අබිලිං මාමලා ෆේස් බුකියේද ඉදියි. නමුත් සෙවරස් ස්නේප්ලා කාල්පනික ෆැන්ටසි වල ඉන්නා අය මිස සැබෑ චරිත නොවෙයි. කේලාම් කියමින්, ගම ගිනි තියමින්, පවුල් කඩාකප්පල් කරනා චීත්ත පවා ඉන්නා රටක, එවැනි ෆේස්බුක් ප්‍රජාවක් ඉන්නා රටක මේ මනුස්සයා රගපෑ චරිතය දෙස සානුකම්පිතව බලන්නට හිතක් ඇතිවෙයි…

එතුමාට නිවන් සුව…
(මනෝරාම වීරසිංහගේ මුහුණු පොතෙනි)