අමරකීර්තිට කෝටියක් නම් අපටත් දිපල්ලා ! අතුරුදහන් සමරුවේදි බ්‍රිටෝ ආණ්ඩුවට කියයි . !

0
377
wp 1666878567599wp 1666878567747wp 1666878567697උතුරේත් දකුණේත් සිදුකර ඇති සකලාකාර අතුරුදන් කිරිම් වලට එරෙහිව 32 වන වටරටත් රද්දොළුවේදි අතුරුදන් වුවන්ගේ ස්මාරකය අභියසදි සමරුව පැවැත්විණි.
භිෂණය උත්සන්නව පැවැති සමයේ දි පවා.අත්නොහැර අතුරුදන් වුවන් සැමරිමට නොබියව පෙරමුණ ගත් බ්‍රිටෝලා ,ජයන්තිලා නිසා මෙම සැමරුම දැන් ජාතික සැමරුම් දිනයක් බවට පත්ව තිබේ.
අරගලය සෙල්පිකරණය කරගත් සමාජයක  ,උද්ඝෝෂණ ඇතැමුන් මාධ්‍ය සංදර්ශන ගානට කපාගෙන සිටින පසුබිමක  මෙම සැමරුම් සැබැවින්ම අව්‍යාජය.
මෙම සැමරුම සදහා වියපත් මව්වරුන් පියවරුන් මෙන්ම දරු මුණුපුරන්ද එක්ව සිටියහ.

මරණයකට ගෙවන වන්දිය ගැන ආණ්ඩුට අභියෝග කරමින් අතුරුහන්වුවන් ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු කියා සිටියේ අරගලය සමයේදි ඝාතනයට ලක්වු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට රු කෝටියක වන්දියක් ලබා දෙන්නේ නම් අතුරුදහන් පවුල්වලට එසේ ලබා දෙන ලෙසය.
ජිවිතයක් එසේ තක්සේරු කළ නොහැකි වුවද . අතුරුදහන් වුවන්ගේ ජිවිත යළි නොලැබෙන්නේ එයට සාධාරණ වන්දියක් රජය ගෙවිය යුතුයැයි අවධාරණය කර
වෙනදා මෙන්ම අදත් ජයතිලක බණ්ඩාර මව්වරුන්ගේ ගීතය ගායනා කලේ රැස්ව සිටි සැමගේ නෙතට කඳුළක් කැදවමිනි.

wp 1666878567797wp 1666878567656wp 1666878567757wp 1666878567467wp 1666878567395wp 1666878567479

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here