‘ අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ සැමරුම් පියස’ ජනපති අතින් විවෘත වේ

0
70

2013 ජූලි 16 වනදා   කටාන -ජනජයගම   ජයසුන්දරාරම  විහාරස්ථානයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  අතින්  හිටපු අමාත්‍ය ජෙයරාජ ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ සැමරුම් පියස  විවෘත විය. මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය සහභාගී වූ අතර විහාරස්ථානයේ නව චෙත්‍යයට පැළදූ කොත් රාජයා විවෘත කිරීමද සංඝයාවහන්සේලා අතින් සිදුවිය.  පසුගියදා  ජයසුන්දරාරාමයට මෙම කොත් රාජයා ප්‍රදානය කිරීම  කැල්ටන්  සමූහ ව්‍යාපාරයේ අධිපති සෝමචන්ද්‍ර ද සිල්වා මහතාගේ ධන පරිත්‍යාගයෙන් සිදුවිය. මෙම අවස්ථාවට පා.මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිනිය සහ පවුලේ සාමාජිකයන්ද සහභාගී වූ අතර ආණ්ඩු පක්ෂයේ ඇමතිරු කීපදෙනෙක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.DSC_2935
DSC_2954(1)DSC_2865DSC_2895DSC_2920

DSC_2889DSC_2921
ඡායා  -බර්ටි වීරසිංහ