අමු මාළු කෑම ගැන ”ලාංකික ධීවරයා” කියන කතාව.

0
270

Dilip-Wedaarachchi( 8.00 am ) මම දැක්කා, හිටපු ධීවර රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි, මාධ්‍ය හමුවකට ඇවිත් , අමුවෙන් මතස්‍යයින් අනුභව කිරීම ගැන, කුරා කුහුඹුවකු හෝ නොමරන, සුද්දවන්ත පිරිසක් සමාජජාල වල විවිධ මත පල කරනවා.

දෙයක් , ඔලුවෙන් නැතුව , නැට්ටෙන් අල්ලන්න ගියාම , ඔහොම වෙනවා.

විනාඩි 19 ක , කතාවෙන්, අමුවෙන් මාළු කන එක තමයි ගොඩක් දෙනෙක් දැකලා තිබුණෙ, නමුත් කතාවෙන් විනාඩි 18.30 ක් විතර, කියපු, අද ධීවරයො මුහුණ දෙන, යථාර්ථය කව්රුත් දැකලා තිබ්බෙ නෑ.

මාළු ටික විකුණ ගන්න බැරුව, රස්සාවට යන්න බැරුව, ණය, ලීසිං වාරික ගෙවාගන්න බැරුව, අද වෙද්දි ධීවරයො ලක්ෂ ගාණක් අන්ත අසරණ වෙලා තියෙනවා. ධීවර ජනතාව එක්ක වැඩ කරන, ඒහා සම්බන්ධ ව්‍යාපාර කරන අපිටත් අද ඒ තත්වෙම තමයි.

මේ වෙනකං ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා, ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න තියා, අවධානයවත් යොමු කරන්න. එහෙම වෙලාවක, ධීවර ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රී වරයෙක් විදියට , ඒ ජනතාවට කිසියම් හෝ විශ්වාසයක් ඇති කිරීම සඳහා , ඒ ජනතාව වෙනුවෙන් හඬ නැගීම වෙනුවෙන් , දිලිප් වෙදආරච්චි මන්ත්‍රී තුමාට , අපි ස්තූතියි වන්ත වෙනවා.

මාළු කන්නෙ නැති වෙජිටේරියන් අයටයි, facebook එකේ අනේ පව්, ලේ බේරි බේරි කන කැත කියලා, ගෙදර හොද්දට මස් මාළු නැතුවම බැරි , සෝබන කාරයොන්⁣ටයි රිදුනට,
මේ මනුස්සයා කතා කරේ, එදා වේල කන්න නැතුව ඉන්න, ලක්ෂ සංඛ්‍යාත ධීවර ප්‍රජාවක් වෙනුවෙන් කියන එක අමතක කරන්න එපා.

ඒ අයට මාළු ගැන හිත උණු උනාට , අර මිනිස්සු ගැන නම් තාම උණුවෙලා නෑ.
Copid #sehanmalakagamage
(උපුටා ගැනිම ලාංකික ධිවරයා ෆේස්බුක් පිටුවෙනි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here