අමෙරිකාවේ තවත් ඛේදවාචකයක් : පොලිස් වෙඩි පහරකින් කළු ජාතිකයෙකු ජිවිතක්ෂයට (PHOTOS)

0
114

29583438 8417317 image a 68 1592105030965

අමෙරිකාවේ ඇට්ලන්ටා ප්‍රාන්තයේදී පොලිසි වෙඩි පහරකින් කළු ජාතිකයෙක් ජිවිතක්ෂයට පත්වීම හේතුවෙන් එහි මේ වන විට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

දකුණු දිග ඇට්ලන්ටාවේ ආපන ශාලාවක් අසලදී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ Rayshard Brooks නම් කළු ජාතික තරුණයෙක්.

ඉකුත් සිකුරාදා රාත්‍රියේදී ප්‍රසිද්ධ ආපන ශාලාවක් අසල මාර්ගයේ සිය රථය තුල මෙම කළු ජාතිකයා නිදා සිට ඇත.

මෙම තරුණයාගේ වාහනය නතර කොට ඇත්තේ ආපන ශාලාවට පැමිණෙන පාරිභෝගිකයින් ආහාර රැගෙන යාමට පැමිණෙන මාර්ගයේ බැවින් පොලිසිය පැමිණ එම වාහනය ඉවත් කිරිමට පියවර ගෙන ඇත.07b3c700 6dd3 453e 990a 86679d28a191 1

එහිදී පොලිස් නිලධාරින් සහ කළු ජාතික තරුණයා අතර බහින්බස් වීමක් ඇතිවූ අතර එහිදී ඇතිවූ පොර බැඳීමක් සිදුව ඇත.

එහිදී කළු ජාතික තරුණයා පොලිස් නිලධාරියෙක් සතුව තිබු ට්‍රේසර් ගිනි අවිය ( සැකකරුවන් මෙල්ල කිරිමට යොදා ගන්නා ඉලෙක්ට්‍රෝනික ගිනි අවියක්) සිය අතට ගෙන තිබෙනවා. ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරියෙක් විසින් මෙම තරුණයාට වෙඩි තබා ඇති අතර පසුව ඔහු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය වන්නේ අමෙරිකාව ඇතුළු ලොව රටවල් රැසක මීට සති දෙකකට ඉහතදී අමානුෂීය වද හිංසාවකට ලක්ව මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ඝාතනයට එරෙහිව උද්ඝෝෂණ හා විරෝධතාවන් පැවැත්වෙමින් ඇති පසුබිමකය.29578432 8417317 image a 9 1592086955502

මෙම වෙඩි තැබීමේ සිදුවීමත් සමග ඇට්ලන්ටා හි පොලිස් ප්‍රධානියා වන කෙයිෂා ලාන්ස් බොටම්ස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මෙම වෙඩි තැබීම සිදුවූ ආපන ශාලාවටද විරෝධතාකරුවන් ගිනි තබා ඇති අතර නගරයේ අධිවේගී මාර්ගයන් අවහිර කරමින් මේ වන විට දැඩි විරෝධතා රැල්ලක් මතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර කළු ජාතික තරුණයාට වෙඩි තැබු පොලිස් නිලධාරියාගේ සේවය අත්හිටුවීමට ද ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

29582550 8417317 image a 39 1592100719814 29582552 8417317 image a 41 1592100730591 29583436 8417317 image a 66 1592105015821

 newswire.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here