“අයන් මෑන් ” චරිතය ටෝනි ස්ටාක්ට අහිමි වෙයි…..

0
664

_90314452_ironman

ඉදිරියේදී නිෂ්පාදනය වීමට නියමිත “අයන් මෑන්” චිත්‍රපට මාලාවේ ඉදිරි කථාමාලාවන් සදහා මෙතෙක් එම චරිතයට පන පෙවූ ටෝනි ස්ටාක් වෙනුවට වයස අවුරුදු 15ක් වන කළුජාතික ඇමරිකානු දැරියක් තෝරාගෙන ඇති බව හාස්‍යජනක කථා පොත් නිපදවන්නෙකු වන මාර්වෙල් විසින් ප්‍රකාශ කර තිබෙනවා. රිරී විලියම්ස් නම් වූ අැය චිකාගෝ නගරයේ ජීවත් වන විද්‍යාවිශයේ දක්ෂයෙක් බවයි වාර්ථා වන්නේ.

අැයගේ ජීවිත කාලය තුල ඇය මුහුණ දුන් ප්‍රශ්ණ මෙන්ම මුහුණ දෙන්නට සිදුවූ ප්‍රචණ්ඩකාරී අත්දැකීම් සියල්ලම ජය ගනිමින් ඇය මේ වන විට ජීවිතයට මුහුණ දෙන ආකාරය මේ චිත්‍රපටය සදහා ඇය සුදුසු බවට තීරණය කිරීමට තමන් යොමු කල බවයි අයන් මෑන් රචනා කල බ්‍රයන් මයික්ල බෙන්ඩිස් මහතා පවසා ඇත්තේ. මෙතුවක් කල් මා විසින් අසා ඇති සුපිරි වීරයන් හො වීරවරියන්ගේ කථා වල නවීනතම අනුවාදය මැයගේ ජීවිත කථාව බවයි මේ පිලිබදව වැඩි දරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ.

කෙසේ හෝ මේ පුවත මේ වන විට  අන්තර්ජාලයේ දැඩි ආකර්ෂනයක් දිනාගෙන ඇති අතර මේ විවිධත්වය භාරගැනීමට හා එහි සාර්ථකත්වය බැලීමට තම සූදානමින් සිටින බවයි මේ පිලිබදව twitter හරහා තමන්ගේ අදහස් දක්වමින් ප්‍රේක්ෂකයන් පවසා ඇත්තේ.

 

http://www.bbc.com ඇසුරිණි.