අයවැයත් සමඟ තනිවු දයාසිරි ?????

0
43

Northwestern PCවයඹ පළාත් සභාවේ 2015 වසර සඳහා වූ අයවැය පළමු දිනය වූ ඊයේ (11) වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් වයඹ පළාත් සභාවට ඉදිරිපත් කරන අවස්ථාෙවිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසකගේම අසුන් හිස් වී තිබූ ආකාරය අය වැය විවාදය නැරඹීමට පැමිණ සිටි අයගේ විශේෂ අවධානයට ලක් විය.
වයඹ 6වන පළාත් සභාවේ දෙවන අයවැය මෙය වන අතර දයාසිරි ජයසේකර මහතාගේ ධුර කාලයට වසරක් සම්පූර්ණවීමෙන් පසු ඉදිරිපත්කරනු ලබන පළමු අයවැයද මෙයවීම විශේෂත්වයකි.
වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් තම අයවැය කතාව ආරම්භ කර පැයක් ගතවන්නටත් මත්තෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක්ම සිය අසුන් වලින් නැගිට සභාගැඛෙන් විටින් විට ඉවත්ව ගිය අයුරුද දක්නට ලැබිණි.
ප්‍රධාන අමාත්‍යවරයාගේ කතාවෙන් පසුව ලද අවස්ථාවේදී විපක්ෂ නායක ජේ.සී. අලවතුවල මහතා විසින් අයවැය කතාව අතරතුර මන්ත්‍රීවරුන් සභාවේ නොසිටීම පිළිබඳ සිහිපත් කිරීමත් සමඟම අපට වෙන වැඩ තියෙනවා යනුවෙන්ද පවසා ආණ්ඩුපක්ෂ මන්තීවරුන් කිහිපදෙනෙක්ම හඩ නැගූහ.
පෙරවරු 10.50 පමණ වන විට සභා ගැබේ රැදී සිටියේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 36 දෙනාගෙන්  15 දෙනෙක් සහ අමාත්‍යවරු තිදෙනා පමණක් වන අතර මෙලෙස සභාවේ රැදී සිටි මන්ත්‍රීවරුන්ගෙන් වැඩිදෙනෙක්ම සිටියේ තවත් මන්ත්‍රීවරුන් සමඟ වෙනත් කතා බහ වලට එක්වෙමිනි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගැඛෙහි නොසිටියද විපක්ෂයේ මන්ත්‍රීවරුන් 16  දෙනාගෙන් 15දෙනෙක්ම සිය අසුන්වල රැ`දී සිටිමින් ප්‍රධාන අමාත්‍යවරයාගේ අයවැය කතාවට උනන්දුවෙන් සවන්දුන් අයුරුද මෙහිදී දැක ගත හැකි වූ අතර සභා ගැලරියේ ද රාජ්‍ය නිළධාරීන් විශාල පිරිසක් එම කතාවට ඇහුම්කන් දෙනු දක්නට ලැබිණි.
2014-11-11
ජානක එස් බලල්ල