අය්යා පොහොට්ටුවෙන් පිපෙන විට මල්ලී මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින් වැඩ අල්ලයි ?

0
157

28467943_1985274998181890_8381601413346092476_nවෙන්නප්පුව ලංකාදීප වාර්තාකරු චන්දන ප්‍රනාන්දු මහතා   පසුගිය 27  වනදා  පුද්ගලයෙකු විසින්  ප්‍රධාන මංසන්ධීයකදී  තමන්ව කැබ් රථයකින් යට කිරීමට ගත් උත්සාහයක්   මෙන්ම  ඔහුට හා සිය බිරිඳට සිදුකරන ලද වාචික තර්ජනයක්  සම්බන්ධයෙන් පැමිනිල්ලක්  වෙන්නප්පුව පොලීසියට සිදුකර තිඛේ. මාධ්‍යවේදී චන්දන ප්‍රනාන්දු මහතාට මේ ආකාරයට හිංසා කිරීමට තැත්කර තිබුණේ වයඹ පළාත් සභා මන්ත්‍රී ටෙවින් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයෙකු වන ෂෙරන් ප්‍රනාන්දු විසිනි.
ඔහු විසින් සිදුකර ඇති මෙම තර්ජනාත්මක හැසිරීම සම්බන්ධයෙන් ඊයේ වෙන්නප්පුව පොලීසියේදී විමර්ශනයක් සිදුකර තිබුණ අතර මේ අවස්තාවට වයඹ පළාත් සභා මන්ත්‍රී  ටෙවින් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ පුතණුවන් ද සහභාගී වී තිබුණි. කරුණු සැලකිල්ලට ගනිමින්   පොලීසිය විසින් ෂෙරන් ප්‍රනාන්දු   තරයේ අවවාද කර ඇති අතර නැවත මෙවැනි ද්වේෂ සහගත ක්‍රියාවක් චන්දන ප්‍රනාන්දු  එරෙහිව මහතාට  සිදුකිරීමට උත්සාහ කළහොත් අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමුකරන බවට පොලීසිය තරයේ අවවාද කර තිඛේ.28377485_1738452899509632_4142666130263089356_n
ලංකාදීප වාර්තාකරු චන්දන ප්‍රනාන්දු මහතා   පවසන්නේ  පසුගිය ප්‍රාදේශීය සභා ඡන්දය  කාලයේදී  තමන්ගේ මුහුණ පොත හරහා තමන් දැරූ දේශපාලන  අදහස් වලට ෂෙරන් ප්‍රනාන්දු විසින්  දිගින් දිගටම මුහුණු පොත හරහා තර්ජනය කළ අතර සිය ස්වාධින අදහස් දැරීමේ අයිතියට ද්වේෂ සහගත ආකාරයට සිදුකර ඇති පිළිතුරු   ඔවුන්ගේ මුහුණු පොත් වල තිඛෙන බවයි.
වයඹ පළාත් සභා මන්ත්‍රී  ට්‍රෙවින් ප්‍රනාන්දු   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙන්න්පුව සංවිධායකවරයා වන අතර ඔහුගේ පුත් ෂවීන් ප්‍රනාන්දු විසින් වෙන්න්පුව ප්‍රාදේශීය සභා මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරග කරන ලදී.
27750217_1218595438274704_1136238073231644118_n27752249_841014272772570_7504257260298906469_n