ඔහු විසින් සිදුකර ඇති මෙම තර්ජනාත්මක හැසිරීම සම්බන්ධයෙන් ඊයේ වෙන්නප්පුව පොලීසියේදී විමර්ශනයක් සිදුකර තිබුණ අතර මේ අවස්තාවට වයඹ පළාත් සභා මන්ත්‍රී ටෙවින් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ පුතණුවන් ද සහභාගී වී තිබුණි. කරුණු සැලකිල්ලට ගනිමින් පොලීසිය විසින් ෂෙරන් ප්‍රනාන්දු තරයේ අවවාද කර ඇති අතර නැවත මෙවැනි ද්වේෂ සහගත ක්‍රියාවක් චන්දන ප්‍රනාන්දු එරෙහිව මහතාට සිදුකිරීමට උත්සාහ කළහොත් අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමුකරන බවට පොලීසිය තරයේ අවවාද කර තිඛේ.
ලංකාදීප වාර්තාකරු චන්දන ප්‍රනාන්දු මහතා පවසන්නේ පසුගිය ප්‍රාදේශීය සභා ඡන්දය කාලයේදී තමන්ගේ මුහුණ පොත හරහා තමන් දැරූ දේශපාලන අදහස් වලට ෂෙරන් ප්‍රනාන්දු විසින් දිගින් දිගටම මුහුණු පොත හරහා තර්ජනය කළ අතර සිය ස්වාධින අදහස් දැරීමේ අයිතියට ද්වේෂ සහගත ආකාරයට සිදුකර ඇති පිළිතුරු ඔවුන්ගේ මුහුණු පොත් වල තිඛෙන බවයි.
වයඹ පළාත් සභා මන්ත්‍රී ට්‍රෙවින් ප්‍රනාන්දු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙන්න්පුව සංවිධායකවරයා වන අතර ඔහුගේ පුත් ෂවීන් ප්‍රනාන්දු විසින් වෙන්න්පුව ප්‍රාදේශීය සභා මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරග කරන ලදී.