අයියගේ දුම මල්ලිට සැප ගෙනෙයි!

0
476

 

IMG-20170715-WA0003 කලක් තිස්සේම ඕස්ට්‍රෙලියාවේ පදිංචිව සිට ලංකාවට පැමිණි ඇමති අයියා දැන් දින කිපයක සිට ඩෙංගු මදුරුවා විසින් මිගමුවට සිදුකර ඇති විනාශයට එරෙහිව යුද ප්‍රකාශ කර ඇත.අලුයමින්ම නැගිටින ඔහු මදුරුවන් මැරිම අරඹයි.දුම් ගහයි තෙල් ගහයි කැට බෙදයි.මිහිදු රජ දවස රු ලක්ෂ ගණනින් බඩු බෙදලා පුරුදු ඔහුට මේ බෙදිලි සිම්පල් වගේ .හැබැයි මැදමුලන පාලනය ව⁣ගේම වැල්ලවිදියේ පාලනයෙන් මිගමුව චිකාගෝවක් වි තිබුන බව අමතකව ඇති අයියා මලෝ දැන් බලන්නේ මදුරවෙකුට මුවා වෙලා අයිමත් ගොඩයන්න.මෙයාල දශකයක් තිස්සේ මිගමුවට කරපු විනාශය ඩෙංගු මදුරුවෝ මරල අයින් කරගන්න පුලුවන් එකක් නම් නෙමේ.ඒක හොදටම දන්න මිගමුවේ බුද්ධිමත් ජනයාව ගොනාට අන්දවන්න බැ .කොහොම වුනත් වලංලකාරයගේ අවුරුද්දක වැඩ පොලුකාරයට එක දවසයි කිව්ව වගේ අයියාගේ කිරිකලේට මල්ලි දාන්නේ ගොමබෙටි තොග ගණනින්.මල්ලිගේ කුලි මැරයෝ ලගදි මරු ගේමක් දුන්නා අයියව නන්නත්තාර වෙන්නම.ඩෙංගු මඩින රජයේ නිලධාරියෙකුට මේ වෙලාවේ රාජකාරියට බාධාකරල චණ්ඩි පාට් දාන්න පුලුවන් ඇත්තටම මෝඩයෙක්ට විතරයි.නමුත් ඒකත් වුනා.අයියාට හැබැයි මල්ලිගේ මේ මැර වැඩේට මල පැන්නා.පාන්දරම නැගිටල මදුරුවො මරල එකතු කරපු ලකුණු සින් ගාල කැපුණා.

අයියෝ මල්ලි….!!!!

මේ කතාව ඊටත් හපන් එකක්.මල්ලි හිතන්නේ මල්ලිගේ පවුලේ කාටවත් ඩෙංගු හැදෙන්න ඉඩ නොදෙන්න තමයි අයියා තකහනියක් ඕස්ට්‍රෙලියාවේ ඉදන් ආවේ කියල.ඒ හින්ද මල්ලිගේ කටුවපිටියේ තියෙන මිගමුවෙි මිනිස්සු දාපු ලස්සන නමක් තියෙන  “”මහල් “” එකට දවස ගානේ තෙල් විතරක් නෙමේ දුමත් ගහනවා.මේ ගැන අපට කියන්නේ ඒ පැත්තෙම අය. ඒ ගෙවල්වල අයට පවුල් පිටින් ඩෙංගු .ඒ හින්ද මල්ලි බයයි .එයා හිතනනේ අනික් උන්ට ඩෙංගු හැදුනත් මොකෝ අපේ උන් ට නැතිව කියල. ඒ හින්ද අයියගේ දුමෙන් මල්ලි එකසිය ගාණට සැප ගන්නවා.ඉතින් මේ වගේ බූවලනේ මිගමුවේ ඊලග නගරාධිපති මමයි කියල නගර සභාවෙිම සේවකයන්ට පොරටොක් දෙන්නේ

අයියේ …

අයියෝ මල්ලි..!!!!

අමතක කරන්න එපා අපි ඔයා ගැන මිගමුවෙි සියලුම ඡන්දදායකන්ට විතරක් නෙමෙයි ඩෙංගු මදුරුවන්ටත් කියනව.එයාල බලාගනියි .

K.G.Silva -wellawidiya