අයියාගේ වැරදි මල්ලිව නගරාධිපති කරල වහගන්න අපි ඉඩදෙන්නේ නෑ- රොයිස් කියයි.

0
69

my3 roies 2පවතින දේශපාලන යථාර්ථය හමුවේ පළාත් පාලන ආයතනවල කාලය තවත් දිර්ඝ කිරිමට ඉඩ ඇති බවක් පෙනේ.
මේ පසුබිම තුල මීගමුව දැවැන්ත අර්බුදයකට ගෙන ගිය ලංසා පවුල මීගමුවේ ඉතිරි පොදු සම්පත් ටික ඩැහැගැනිමට මෙන්ම ඔවුන් විසින් පෙර කරන ලද වැරදි වසා ගැනිම සදහා පුළුල් සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට පටන්ගෙන ඇති බව පෙනේ.
එහි පළමු පියවර ලෙසින් ඇමති නිමල් ලංසාගේ සොහොයුරාට මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිධුරය ලබාදි ඇත.
මීගමුව ආසනය අන්ත ලෙසම පරාජය වුවද   නිමල් ලංසා මහතා කෙසේ හෝ රාජිත සරණ යමින් නියෝජ්‍ය ඇමැතිධුරයක් ලබාගත්තේය.
ශ්‍රිලනිප මෛත්‍රි පිළ විසින් මහින්ද පිලේ ප්‍රබල ඉත්තෙකු මේ හරහා ඉවත්කරගන්ට කල්පනා කළා විය යුතුය.
වරක් ඇමති නිමල් ලංසා  තම හිතවතුන්ට පවසා ඇත්තේ මීගමුවේ ඊළග නගරාධිපතිවරයා කව්දැයි යන්න තිරණය කරන්නේද තමන් බවය.
ඒ අනුව දැන් ඔහු සිය මළනුවන් යහපාලන වලල්ල තුලට දමා ඇත.
දැන් ඔහු කල්පනා කරන්නේ කෙසේ හෝ සිය මළනුවන් මීගමුවේ නගරාධිපතිකොට ඔවුන්ගේ මුළු පවුල විසින්ම මීගමුවට සිදුකර ඇති බරපතල වැරදි වසා ගන්නටය.
මේ සම්බන්ධයෙන් මීපුර වෙබ් අඩවිය විශේෂ ප්‍රකාශයක් කළ මීගමුව එජාප ආසන සංවිධායක කියා සිටියේ මල්ලි දමා අයියාගේ වැරදි වහගන්නට මීගමුවේදි කිසිදිනක ඉඩ නොදෙන බවය.