අයියා ඉදිරියේ මල්ලි දිවුරුම් දෙයි – මීගමුවට අළුත් නියෝජ්‍ය නගරාධිපතිවරයෙක් !

0
50

දයාන් 3මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙසින් දයාන් ලංසා මන්ත්‍රිවරයා අද දිවුරුම් දෙනු ලැබුවේ ඔහුගේ සොහොයුරු ඇමති නිමල් ලංසා ඉදිරිපිටදිය,
මේ වෙනුවෙන් අද දිනයේ පෙරවරුවේ මීගමුව මහනගර සභා ශාලාවේදි දැවැන්ත උත්සවයක්ද සංවිධානය කර තිබුණි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයෙකු ලෙසින් මීගමුව ශ්‍රිලනිප ආසන සංවිධායක හිටපු ධීවර නියෙෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මහතා පැමිණ සිටිම විශේෂයක් වුයේ පසුගිය කාලය තුල ඔහු ලංසා පවුලේ ප්‍රධාන විරුද්ධවාදියෙකු ලෙසින් කටයුතු කරන ලද පසුබිමකදිය.ඡඡායා- පියපේම මානික්කරත්න /එම්.ඉසෙඩ් සහජාන්