අයියා වැඩනොකළ බව මල්ලි ලෝකයාටම කීම හෙවත් එක දවසට එක වැඩක් !

0
254

dayan(12.05 am ) වසර 30කට අධික කාලයක් කිසිදු ආකාරයකින් සංවර්ධනය කර නොතිබූ දළුවකො‍ටුව “ජය මාවත” මාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “Better Road Negombo” වැඩසටහන යටතේ කොන්ත්‍රාත් ක්‍රමයට බැහැරව යමින් නගර සභා සේවකයන්ම යොදවා කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කර අද දින ජනතා අයිතියට පවරාදෙන ලදී.
දයාන් ලාන්සා – මීගමුව නගරාධිපති.
2018.09.02

ඉහත උපුටනය දයාන් ලංසා නගරාධිපතිවරයාගේ මුහුණු පොතෙනි.
මින් කියැවෙන එක් පට්ට ඇත්තක් තිබේ.
එනම් පසුගිය දශකයකටත් වඩා වැඩිකාලයක් පැවැති රාජපක්ෂ ලංසා හවුල් පවුල් පාලනය විසින් සිදුනොකරන ලද වැඩ රාශියක් මිගමුවේ ඇති බව දැන් දවස ගානේ හෙළිදරව් වෙමින් තිබිමය.ජනතා සුභසෙත තකා කව්රුන් හෝ විසින් මෙවන් වැඩසටහන් සිදුකිරිම පිළිබද අපට කිසිදු ගැටළුවක් නොමැත.එහෙත් මිගමුවේත් රටේත ජනයා අන්දවමින් සිදුකරගෙන යන මේ පච රංගනය පිළිබදවය.
එය හෙළිදරව් කිරිමට විපක්ෂය පවා පෙරමුණ නොගන්නේ නම් ජවිපෙ මන්ත්‍රින්ලා පවා මර නින්දක නම් කව්රුන් හෝ විසින් එය හෙළිදරව් කළ යුතුව තිබේ.
මේ සටහන ඒ වෙනුවෙනි.

පසුගිය දශකයකට වඩා වැඩි කාලයක් පැවැති රාජපක්ෂ ලංසා හවුල් පාලන කාලය තුල නගරාධිපතිවරයා ලෙස නිමල් ලංසාද නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස දයාන් ලංසාද සිටි බව දැන් දයාන් ලංසාටම අමතක විම නිසා එක දවසට එක වැඩක් යැයි දැවැන්ත පම්පෝරියක් මුහුණ පොත හරහා මුදාහරිමින් සිටි.
එපමණක්ද නොව නිමල් ලංසා අමාත්‍යංශ 12 ක් හිමි පළාත් සභා ඇමතිවරයෙකුවද සිටියේය. ඉන්පසු පාර්ලිෙම්න්තු මන්ත්‍රිවරයෙකු මෙන්ම නියෝජ්‍ය ඇමතිවරයෙකුද විය. තතු එසේව තිබියදි නොකළ වැඩ රාශියක් මිගමුව තුල තිබේ. එය ඇත්තකි. දැන් දයාන් ලංසා නගරාධිපතිවරයා නින්දෙන් ඇහැරුනාක් මෙන් මේ කිසිදෙයක් කාලයක් තිස්සේ මිගමුවට වෙලා නැ ඒ නිසා ඔන්න මං කෙරුවා යැයි  දැන් ඩිජිටල් අණබෙරයක් ගසන්නට පටන් ගෙන තිබේ.

තතු එසේව තිබියදි ”එතකොට මිගමුවේ පසුගිය අවුරුදු 10 ට තිබුණේ යුඅැන්පි පාලනයක්ද යකෝ” කියල අසන්නට තරම් කොන්දක් එජාපයට නොමැතිවිම ඇත්තටම කණගාටුවට කරුණකි.
එජාපය ඒ අභියෝගය ප්‍රසිද්ධියේ කරන තාක් දයාන් ලංසා මේ දැවැන්ත රංගනයේ යෙදෙන අතර ඔහුගේ අනුගාමිකයෝද  මුහුණු පොතේ ලයික් දමමින් බුදු සර් ඔයා නගරාධිපති නෙමේ ජනාධිපති වෙන්නත් හොදා යැයි බයිලා කීම නතර නොකරනු ඇත.
එජාපය මේ අභියෝගය සිදු කළද නොකළද මේ රැගුම් වලට තිත තැබෙන දිනය වැඩි ඈතක නොවන්නේ මිගමුව මහනගර සභාව මුහුණ දිමට නියමිත මුල්‍ය අර්බුදයද සමගින්ය.
තවත් කරුණක් මෙහිලා සටහන් කළයුතුව තිබේ.
එමෙන්ම දැනට යහපාලන රජය විසින් සම්මත කරගෙන අැති අණපණත් නිසි ලෙස ක්‍රියාත්මක විමත් සමගින් ලංකාවේ වැඩිම පරිපාලන වැරදි ගොන්නකට නීතිය ඉදිරියේ  මුහුණ දිමට සිටින නිළධාරින් පිරිස සිටින්නේද මීගමු මහනගර සභාවේම යැයි අද දිනම සටහන් තබා තිබිමද වැදගත්වේ .
මේ සියල්ල යථාවක් බවට පත්විමට ඇත්තේ දින වකවානු පිළිබද පමාවක් පමණි.
තවත් එක් කරුණක් අවධාරණය කළ යුතුව තිබේ.
එනම් දායන් ලංසාගේ
කොන්ත්‍රාත් ක්‍රමයට බැහැරව යමින් නගර සභා සේවකයන්ම යොදවා යන වැකිය ගැනය.
ඒ වගන්තිය පිටුපස සැගවි සිටින කොන්ක්‍රිට් චමින්ද ,බොරළු සමන්ත සහ තවත් එක් අයෙකුගේ කාර්ය ගැන හරියට දන්නේ දයාන් ලංසාත් තාක්ෂණ නිළධාරි රන්මුතුත්ය.
රන්මුතු යනු රාජපක්ෂ ලංසා හවුල් පාලනයෙන්ම උපරිම ලෙස පොහොසත් වන්නට මං පාදාගත් පිරිස අතර සිටින එක් ප්‍රධානියෙකි.
ඒ අනුව
කොන්ත්‍රාත් ක්‍රමයට බැහැරව යමින් නගර සභා සේවකයන්ම යොදවා යැයි කිම තවත් එක් රංගනයක්ම පමණක් බව කියා අභියෝග කරන්නට කිසිවෙකුත් නගර සභා විපක්ෂය තුල නොසිටිමද ඇත්තටම කණගාටුවකි.
මේ රැගුම් සියල්ල හෙළිකරමින් එජාප දැන් මීගමුවේ ඇත්ත ගම්පෙරළියකට සුදානම් විය යුතුය.
කොට්ටාශ 29 කින් 19 කම අණසක පතුරුවා ඇති ඔවුන්  ඇත්තට මේ නින්දෙන් නැගිටින්නේ කවදාද එදාට
එක දවසකට එක වැඩක් යැයි කියන පම්පෝරිය තව දුරටත් මුහුණු පොතට එක්නොවුණු ඇත.
සටහන -බෙටි විරේ ගෙනි

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here