අයියා හැදු වැසිකිලියට මල්ලි ඉබ්බා දමයි ?

0
50

negambo-bus-terminal1_700_0මීගමුව බස්නැවතුම් පළේ ඉදිකර ඇති වැසිකිලි පද්ධතියක් සම්බන්ධයෙන් මේ දිනවල බරපතල ගැටළුවක් මතුව ඇතැයි වාර්ථා වේ.
නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මහතා නගරාධිපතිව සිටි සමයේ ඉදිකර ඇති මේ වැසිකිලි පද්ධතිය ප්‍රමාණවත් ධාරිතාවයක් සහිත වැසිකිලි වලක් නොතිබිම නිසා පසුගිය කාලය තුලද ගැටළු රැසක් මතුව තිබුණි.
මේ බව අවස්ථා කිපයකදිම අදාල ටෙන්ඩර්කරු විසින්ද නගරසභාවට දන්වා ඇතැයි වාර්ථා වේ.
කෙසේ වෙතත් නගරාධිපතිවර ඇන්ටනි ජයවීර මහතා රටින් බැහැරව සිටින හෙයින් වැඩ බලන නගරාධිපති දායන් ලංසා මහතා පසුගිය දිනක පැමිණ මෙම වැසිකිලියට සීල් තබා ගොස්ඇතැයි සැල
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුර නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා කියා සිටියේ මෙම වැසිකිලියේ මළඅපවහන ඒ අසල ඇති කාණුවට මුදාහරින තත්වයක් මතුව තිබු බැවින් ඒ හේතුව නිසා ඇතිවිය හැකි සෞඛ්‍යමය හේතුන් සලකා වැසිකිලි පද්ධතිය තාවකාලික වසා දමා ඇති බවය.
එමෙන් ඔහු තවදුරටත් පවසා සිටියේ මෙම වැසිකිලි පද්ධතියේ ඇත්ත ටෙන්ඩරු නගරසභාවේ සේවකයෙකු බවය.
මේ හේතුව නිසා ඒ අවට ව්‍යාපාර කටයුතු වල නියැලෙන ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම මගීන්ද මහත් අපහසුතාවකට පත්ව තිබේ.