අයියෝ කොමසාරිස් ?

0
77

MC-NGB1මීගමුව මහනගර සභාවේ කම්කරුවන් පිරිසක් නගර සභාවේ අත්සන් කළ පසු කඩුවෙල පැවැති බැසිල් රාජපක්ෂගේ නඩුව වෙනුවෙන් බස්රථයකින් රැගෙන ගොස් ඇති බව අප ඊයේ වාර්ථා කළෙමු.
.මේ අයගෙන්  බහුතරයක් දෙනා ආදේශක කම්කරුවෝ වෙති.
කෙසේ වෙතත් දැන් ගැටළුව වන්නේ මහජන බදු මුදලින් පඩි ගන්නා මේ කම්රුවන් පිරිස මෙසේ මහදවල් නිතිවිරෝධි අයුරින් දේශපාලන වැඩකට එලියට යද්දි ඒ ගැන කිසිදු වගක් මීගමුව මහනගර සභාවේ  කොමසාරිස්වරයා දන්නේ නැත.
එපමණක් නොව අප ඊයේ මේ ගැන විමසා සිටි අවස්ථාවේ ඔහු අපට පොරොන්දුවුයේ ඒ ගැන සොයා බලා අප විමසන අවස්ථාවක පිළිතුරු දෙන බවය.
එහෙත් එම සිදුවිමේන් දිනක් ඉක්ම ගිය තැනද මේ කොමසාරිස් කියන්නේ තමන් කිසිවක් දන්නේ නැති බවය.
එය එසේ නම් ඔහු බබෙකි.
පරිපාලන අධිකාරියේ ප්‍රධානියා චරිතයට කොහෙත්ම ගැලපෙන්නේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here