අරගලකරුවන් වහා නිදහස් කරනු..

0
208

ජන අරගලයේ නියමුන් පිරිසක් ජුලි 01 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට විරෝධය පළකරමින් මිගමුව ජන අරගලකරුවන්ගේ මුලිකත්වයෙන් උද්ඝෝෂණයක් සහ පෙළපාලියක් ඊයේ දිනයේ සංවිධානය කර තිබුණි.

මිගමුව ජන අරගල භුමිය ඉදිරියේ පැවැති විරෝධතාවයෙන් අනතුරුව මිගමුව පොලිස් අධිකාරි කාර්යාලය වෙත පෙළපාලියෙන් ගමන් කළ අරගලකරුවෝ පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිටදි තවදුරටත් සිය විරෝධතාවය පවත්වාගෙන ගියහ.

මිගමුව පොලිසිය විසින් දැනටමත් සිදුකරමින් ඇති නීති විරෝධි අත්අඩංගුවට ගැනිම් ගැන බරපතල විවේචනයක් මෙුම විරෝධතාවය තුලදි ප්‍රකාශවිම වැදගත් සිදුවිමක් විය.

මේ අරගලය දෙස තෙල් පෝලිම් වල සිට නරඹන ජනයාගේ ගැනද විවේචනයක් විරෝධතාකරුවන් විසින් ප්‍රකාශ කර තිබුණි.