අරගලය ජීවත්වීමටයි !

0
347

IMG-20190914-WA0046

රු. 1000/ කින් වැටුප් වැඩිකර ගැනීම සඳහා තේ වතුවල වැඩ කරන කම්කරුවන් වෙනුවෙන් උද්ගෝෂණයක් අද මීගමුව බස්නැවතුම් පලේ පැවැත්වින.
මෙම උද්ගෝෂණයට පෙර මෙම ප්‍රශ්ණය මත චිත්‍ර ඇඳීම
ගීත ගායනා කිරීම ආදී විශේෂාංග ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ද තිබිණ .
ඉන්පසුව ආරම්භවූ උද්ගෝෂණයට සත්‍යවේල් පියතුමා , ආචාර්ය සුමනසිරි ලියනගේ යන විද්වතුන් ඇතුළු විවිධ සංවිධානවල නියොජිතයින් කිහිප දෙනෙක් සහභාගිවිය.
විවිධ සමිති සාමාජිකයින්ද විශාල පිරිසක් සහභාගී විය .මෙහිදී අදහස් දක්වමින් කතාකළ සත්‍යවේල් පියතුමා …
ජීවත්වීම සඳහා දෛනිකව රු.1000 ක් ඉල්ලා සිටි වතු කම්කරුවන්ට පාලකයො දුන්නෙ මන්දපෝෂණය . රු. 1000/ ක් ඔවුන් ඉල්ලා සිටියෙ 2016 දි රනිල් වික්‍රමසිංහ හැටන් නගරෙදි පොරොන්දු වුනා 1000/ක් දෙනවයි කියල . නමුත් ඔවුන්ට 2018 දි ගිවිසුම අත්සන් කරන වෙලාවෙ නැවතත් ඒකම ඉල්ලන්න වෙල.2018 ඔක්තෝබර් ඉඳලා ජනවාරි දක්වා ගිවිසුම අත්සන් කලේ රු. 750/ කටයි . කලින් තිබුනේ රු. 730යි. වැඩිකලේ රු. 20/ යි. මේකෙන් බුලත් විටක් වත් කන්න පුළුවන්ද . පාන් රු. 60/ යි. පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුට පාර්ලිමේන්තුවට සහභාගී වෙනවට රු . 2000/ක් ගෙවනව පඩියට අමතරව .
පියතුමා තවදුරටත් පැහැදිලි කරමින් කියා සිටියේ රු. 20/ කින් වස කුප්පියක් වත් ගන්න බැරි බවයි.
ඒ නිසා පියතුමා තවදුරටත් පැහැදිලි කළේ පාරවල් හදන්න , පාසැල් හදන්න ,රට ණයබරින් රට ආරක්ෂා කරන්න ඔවුන්ගේ ශ්‍රමය, ජීවිතය පරිත්‍යාග කරල තියෙනවා  මෙහිදී සියළු අදහස් දැක්වීම් , ගායනා සහ චිත්‍ර තුළින් මෙන්ම අත් පත්‍රිකා මගින් ජනතාව දැනුවත් කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන සාර්ථක පියවරක් ලෙස දැක්විය හැක.