පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකතන සංවාද පැවැත්වූ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ නාමලේඛනය මේ සතිය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කතානායක කරු ජයසූරිය සඳහන් කර ඇතැයි වාර්ථා වෙයි.
මෙම දුරකතන සංවාද පැවැත්වූ මැති ඇමැතිවරුන්ගේ නාම ලේඛනය තමා මේ වන විට ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා ඇති බවත් එය ලැබුණ පසු එ වාර්ථාව පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද කතානායකවරයා පවසා ඇත.